අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

නුවර පාරට උඩින් කඩා හැලෙන්නට යන පහළ කඩුගන්නාව කන්ද තහවුරු කරන මෙහෙයුම!

by editor
නොවැම්බර් 14, 2021
in පරිසරය, පුවත්
Share on FacebookShare on Twitter

පහළ කඩුගන්නාව තවමත් අවදානමකය. දැනට නායෙ යෑමේ අවදානමට ලක්ව වසා දමා ඇති නුවරපාරේ පහළ කඩුගන්නාව කඩපේළියට ඉහළින් දිවෙන දුම්රිය මාර්ගය අවටත් නායෙ යෑමේ තත්ත්වයක් සක්‍රීය වෙමිනි.  රටේ ප්‍රමාණිකයෝ එක්ව මේ ස්වභාවික විපත වළක්වා ගැනීමේ මෙහෙයුමකය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පර්යේෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නත් ඒ මෙහෙයුමේය. මේ බිහිසුණු තත්වය ගැන මුලින්ම  වාර්තා කළ රට අවදි කළේ එතුමාය. දැන් මේ මෙහෙයුම සිදුවන්නේ කොහොම ද?.

මේ මහාචාර්ය අතුල සේනාරත්න අපට කී කතාවය.

මහාචාර්ය අතුල සේනාරත්න
  • කඩුගන්නාවේ නවතම තත්වය කුමක් ද?

මේ වන විට ස්ථානීය පරීක්ෂා කිරීම් ඉතා ඉහළ මට්ටමකින් සිදු වෙනවා. අංශ  කිහිපයක් ඔස්සේ විශ්වවිද්‍යාල මට්ටමෙන් භූ විද්‍යා පර්යේෂකයින්,  මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව …. මේ සියලු දෙනාගේම විශාල මැදිහත්වීමක් මේ වෙනවිට සිදුව තිබෙනවා.  දිවා රාත්‍රී සෑම මොහොතකම මෙහි අවසානයක් දකින්න සියලුදෙනාම කැපවී කටයුතු කරන බව කියන්න කැමතියි.

  • මහාචාර්ය තුමනි. කුමක්ද මේ අවසානය. අස්ථාවර වූ භූමිය ස්ථාවර  කරගැනීමට   සිදු කරන ක්‍රියාවලිය කුමක්ද?

මෙම ස්ථානයේ දිගින් දිගටම ජලය ගලා ඒම වළක්වා ලීම සඳහා පියවර ගැනීම තමයි මූලිකවම සිදු කළ යුතුව තිබෙන්නේ. ජලය පහළට ගලාගෙන ඒම නිශ්චිත මාර්ගයක් ඔස්සේ,  ඒ කියන්නේ කානුවක් ඔස්සේ හෝ දිය පහරක් ඔස්සේ හෝ සිදුවන්නේ නැහැ. තැනින් තැන ඉහළ සිට   පහළට ජලය ගලා ගෙන ඒමේදී විවර වූ ස්ථානවලින් ජලය ඇතුළට කාන්දු වීමක් සිද්ධ වී තිබෙනවා.  මේ තත්ත්වය වළක්වා ලීම පිණිස තාවකාලිකව මේ වන විට පොලිතින් එළ තිබෙනවා. ඒ වගේම පොලිතින් වලින් සකස් කරන ලද පොලිතින් කවර ඔස්සේ ජලය පහළට ගලා යෑමට සලස්වා තිබෙනවා. මේ වන විට පවතින වර්ෂාවට මුහුණ දීම පිණිස පමණයි එවැන්නක් සිදු කළේ. පොලිතින් හරහා ජලය පහළට ගෙන යෑමෙන් තාවකාලිකව පස් තට්ටුව තවදුරටත් බුරුල් වීම වළක්වා ලනවා. පාංශු සංතෘප්ත තාවය අවමකර ජලය ඇතුළට කාන්දු නොවෙන ලෙස බැහැර කිරීමයි මේ වන විට සිදුවන්නේ

එය කෙටි කාල විසඳුමක්. දීර්ඝ කාලීන විසඳුමක් සඳහා ජලය ඉවත් කිරීම ට බට පද්ධතියක් සකස් කළ යුතුයි.

වසා දමා ඇති නුවර පාර

ඉහළ සිට බට ඔස්සේ පහළ කාණු පද්ධතියට ම ජලය යැවීම දීර්ඝ කාලීනව සිදු කළ යුතුව තිබෙනවා මෙවැනි ක්‍රියාවලියක් වටවල රේල්පාර නාය ගිය අවස්ථාවේ සිදු කරන්න අපට හැකි වී තිබුණා. එවැනි ම කාර්යයක් මෙම කොටසේ සිදු කරන්න දැන් අපි සැලසුම් කර තිබෙනවා

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • නුවර පාර හදලා සියවසකට වැඩියි. එහෙත් මෙවැනි තත්වයක් වාර්තා වුණේ නෑ.   මෙසේ වීමට   මූලික හේතු   හඳුනාගෙන තියනව ද?.

ඔව්.. මේ මාර්ගය ඉදි කොට මේ වන විට වසර සියයකට පමණ ආසන්න කාලයක් ගතවී තිබෙනවා. ඒ කාලෙ ඇතුලත නඩත්තු කිරීමේ ක්‍රමවේදය වරින් වර සිදු වුණා. නඩත්තු කිරිම් වැඩිපුරම සිදුවුණේ දුම්රිය මාර්ගයේ සහ මහා මාර්ගයේ පමණයි. අවට ප්‍රදේශවල භූමිය,  විශේෂයෙන්ම පාංශු තත්ත්වයන් පිළිබඳ දිගින් දිගටම නිරන්තරයෙන් අධීක්ෂණයක් සිදු වූ නැති බව අපි කවුරුත් පිළිගන්න ඕනේ.  දැන් පහළ කඩුගන්නාවේ කොළඹ නුවර පාර සහ ඉහලින් දිවෙන දුම්රිය මාර්ගය අතර  කොටසේ  නායෙ යෑම් තත්වයක් සක්‍රීය වෙලා තියනවා. උඩරට දුම්රිය මාර්ගය කොටසේත් මේ තත්වය ඇතිවෙලා.

දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා අවට ප්‍රදේශවල භූ සමීක්ෂණ කටයුත්ත කරන්න. ඒ අනුව පාෂාණ තට්ටු මත සිදුවන්නේ කුමක්ද යන්න සහ මෙවැනි මාර්ගවල ඉහළ සහ පහළ පාෂාණ ස්ථරවල කුමන මට්ටමේ වෙනස් වීම් සිදුවී ඇත්ද යන්න අධීක්ෂණය කිරීම අප මේ වනවිට සිදු කරමින් තියෙනවා.

කෙටියෙන්ම කියනවානම් උපන්ගෙයි දෝෂ ටික හොයා බලන එක තමයි දැන් අපි කරන්නෙ

  • මෙවැනි අවදානම් තත්ත්වයන් ඇති තවත් මාර්ග තිබෙනවාද?

කඳුකර ප්‍රදේශවල මාර්ග සම්බන්ධයෙන් කතා කරන විට වර්ෂා කාලයේ දී ඇතැම් ස්ථාන නොහිතන ආකාරයට නායයෑම් සිදු විය හැකි තත්ත්වයක පවතිනවා. ඒ  නිසාම ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල තීව්‍රතාවය ම්බන්ධයෙන් සූක්ෂම අධ්‍යයනයක් සිදුකිරීමට අපි බලාපොරොත්තු වී සිටිනවා.  කඳුකර තත්ත්වයන් සම්බන්ධයෙන්,  එහි පාෂාණ   සහ පාංශු තත්ත්වයන් සම්බන්ධයෙන්,  මාර්ගවල ඇති පාදම සම්බන්ධයෙන්,… ඒ සියල්ලක්ම මුල්කරගෙන අධ්‍යයනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

  • ඒ පර්යේෂණ  පවත්වාගෙන යන්නෙ කුමන ප්‍රදේශවල ද?

ගලගෙදර – නුවරඑළිය,  ඇල්ල – වැල්ලවාය,  කුරුණෑගල ඇතැම් මාර්ග, මාතලේ – කුරුණෑගල මාර්ගය වැනි මාර්ගවල  අවදානම් තැන් ගැන ඉදිරියේදී තාක්ෂණික ඇගයීමක් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

මොකද මේ වෙන විට නවීන තාක්ෂණය ඔස්සේ කළ නොහැක්කක් නෑ. අනිත් කාරණාව තමයි මෙවැනි මාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කොට උපදෙස් ලබා ගැනීමේ හැකියාවත් අපිට තියෙනවා. උදාහරණයක් විදියට බැලුවම ඇෆ්ගනිස්ථානයේ ඇතුළු රටවල් බොහොමයක මාර්ග ඉදි කොට ඇති ආකාරය සම්බන්ධයෙන් පුළුල් අධීක්ෂණයක් කරන විට අපිට ඉතා හොඳ දැනුමක් ලැබෙනවා කඳුකර පෙදෙස් වල නායයෑම් අවම කරමින් මාර්ගය ඉදි කරන්නේ කොහොමද කියලා.

  • මේ නවීන තාක්ෂණික ක්‍රමවේදයන්  ශ්‍රී ලංකාවෙ මේ වන විට භාවිතකොට නැතිද?

භාවිතා කර නෑ කියනවාට වඩා සුදුසුම පිළිතුර තමයි ඒවා භාවිතා කිරීමට අවස්ථාවක් ලැබුනේ නැහැ කියන එක.  මොකද මාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස කටයුතු කරන්නට ලැබුණු හොඳම අවස්ථාව තමයි මේ. කෙටියෙන්ම කියනවා නම් වීදුරුවක් හරහා දකින ලෙස පොළොව අභ්‍යන්තරය  දකින්න හැකි තරම් දියුණු තාක්ෂණයක් අපිට යොදාගත හැකි යි..

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු මැති ඇමති 30කට අවුරුදු එකහමාරක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව!

Next Post

කුණු පොහොර ගෙනා චීනා  බෙල්ල මිරිකයි!. ඩොලර් අර්බුදය මැද තවත් මරාලයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.