කොවිඩ් ආසාදිත රෝගීන් දහදෙනකු සදහා හදිසි ප්‍රතිකාර ලෙස ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන දෙකක් අවශ්‍ය බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ පවසයි.
මහනුවර රෝහලේ දැනට කොවිඩ් රෝගින් සඳහා හදිසි ප්‍රතිකාර ඇදන් හයක් පමණක් ඇති බවද , කොවිඩ් ආසාදිත කුඩා දරුවන් දෙදෙනකු ඒ අතර සිටින බවද වෛද්‍යවරයා කීය.
පළාත් හයකින් මහනුවර ජාතික රෝහලට රෝගීන් පැමිණෙන බැවින් සෙසු සියළුම ප්‍රතිකාර ඒකක සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සිදුව ඇති බවත්, සෙසු හදිසි ප්‍රතිකාර ඒකක සඳහා කොවිඩ් ආසාදිත රෝගින් යොමු කළ නොහැකි බවත් අධ්යක්ෂවරයා කීය. එබැවින් සුදුසුම ක්‍රමවේදය වන්නේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ඔක්සිජන් ලබා දීම සඳහා ඇඳන් දහයක් ස්ථාපිත කිරීම බවද හෙතම කීය.
මේ වන විට රෝගින් සංඛ්‍යාත්මක වැඩිවීමක් දක්නට ලැබෙන බවත් රෝග ලක්ෂණ සහිත රෝගින්ගේ වැඩිවීමක් ඇති බවත් කී වෛද්‍ය විජේසිංහ ධානපතින් හෝ පරිත්‍යාගශීලින් විසින් හෝ මෙම මුදල් ලබා ගනිමින් ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් ස්ථාපිත කිරිම අත්‍යාවශ්‍ය බව කීය.
දැනට රෝහලේ ඔක්සිජන් හිඟතාවයක් නොමැති නමුත් , ඔක්සිජන් ලබා දීම සඳහා අවශ්‍ය වන සෙසු පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු සැලසීම කඩිනම් කල යුතු බවද කිය.
මහනුවර දිසාපති කාර්යාලයේදි අද 9දා පැවැති කොවිඩ් පාලනය සදහා මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේදි අධ්යක්ෂවරයා මේ බව කීය. මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියළු පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගිවි සිටියහ