මේ වන විට රටපුරා කොවිඩ් අධිවසංගත තත්තවක් නිර්මාණය වෙමින් පවතින බැවින් හැකිපමණ සංචරනය සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටියි.
හැකි හැම විටම තමන්ගේ නිවසේම රැදී සිටීමටත් නිවන තුළ වුවද සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපදින්නටත් සිදුවන බවත් එසේ වුවහොත් වසංගත තත්ත්වය යම් තාක් දුරකට හෝ පාලනය කර ගැනීමට හැකිවන බවත් ඔවුහු පෙන්වාදෙති.
එන්නත් ලබාගත්තද වයිරසය ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය උපදෙස් අනිවාර්යෙන්ම පිලිපදින ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සදහන් කර සිටියි.
එන්නත් ලබාගත් පුද්ගලයින්ට වයිරසය ආසාදනය වීමෙන් බරපතල තත්ත්වයන් ඇති නොවන නමුත් ඔවුන් රෝග වාහකයින් ලෙස ක්‍රියා කර තවත් බොහෝ පිරිසකට රෝගය බෝකිරීමේ හැකියාව පවති න බවද විශේෂඥවරුන් පෙන්වාදෙති.