බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළියේ දී ඇස් ඉදිරිපිට පරවෙන්න නියමිත දරු කැකුළු 3000ක් ගැන දිස්ත්‍රික් ලේකම් කියයි..

by editor
අගෝස්තු 8, 2021
in පුවත්
kids
Share on FacebookShare on Twitter

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයේ පසුවන දරුවන් 3000 ක් පමණ සිටින බවත් වැන්දඹුවන් 46000ක් ජීවත්වන දිස්ත්‍රික්කය තුළ ඔවුන්ගේ දරුවන්ද ඉතාම අනාරක්ෂිත තත්වයක පසුවන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසයි.
දිස්ත්‍රික්කය පුරා සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වූ බවත් මෙම දරුවන් දැඩි අවදානම් සහ අවදානම් ලෙස වර්ග කර තිබෙන බවත් ඔහු කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ විසින් දුන් උපදෙස් මත මධ්‍යම පළාත සඳහා ළමා සුරක්ෂණ වැඩපිළිවෙළක් ඇති කිරීම සඳහා ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේදී පැවැති රැස්වීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් 23% ක් ළමයි. මේ අය අතරින් අධි අවදානම් සහ අවදානම් ලෙස අපි ළමුන් වර්ගීකරණය කළේ නිසි අධ්‍යන්‍යයකින් පසුවයි. දෙමව්පියන් නොමැති, මව හෝ පියා පමණක් සිටින දරුවන් විශාල පිරිසක් සිටිනවා. තවත් දරුවන් ඉන්නවා ආච්චි හෝ සීයා සමඟ ජීවත් වෙන. අසනීප තත්ත්වයේ පසුවන දරුවන්ද ඉන්නවා. දිවා කාලයේදී මේ දරුවන් ගැන සොයා බලන්න කිසිම කෙනෙක් නැහැ.

වැන්දඹුවන් 46000ක්

අනේක විශේෂ කාරණය වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැන්දඹු කාන්තාවන් 46000 ක් සිටීමයි. මේ වැන්දඹු කාන්තාවන් අතරින් බහුතරයකට ළමුන් ඉන්නවා. සැමියා අතහැර යාම හෝ මියයෑම නිසා මේ කාන්තාවන් අසරණ තත්ත්වයක සිටිනවා. මේ නිසා ඔවුන්ගේ දරුවන්ද දැඩි අනාරක්ෂිත තත්ත්වයක පසුවෙනවා. නිසි සොයා බැලීමක් කරන්න කවුරුවත් නැති නිසා අවදානම් සහ දැඩි අවදානම් ලෙස හඳුනාගෙන සිටින දරුවන් බොහෝ දෙනෙක් බාල වයසේදීම පාසැල් ගමන අත්හරිනවා. මෙයත් විශාල ගැටලුවක්.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

වතුකරය ගත්තොත් වතුකම්කරු පවුල් කිහිපයක් කුඩා නිවසක ජීවත් වෙනවා. දරුවෝ ටිකක් ලොකු වෙනකොට මේ පවුල් වලට ලොකු ආර්ථික පීඩනයක් එල්ල වෙනවා. අනෙක් පසින් ජීවත් වීමට නිවසේ ඉඩකඩත් මදි වෙනවා. මේ නිසා ගොඩක් ගෙවල් වල වැඩිහිටියෝ දරුවන් නිවෙස් වලින් කැමැත්තෙන්ම පිටමං කරන්න පෙළඹෙනවා. ඒක එක්තරා අන්දමක සහනයක් විදිහට තමයි දෙමව්පියන් සලකන්නේ. දරුවන් මෙහෙකාර සේවයට ලබාදීම මගින් එක්තරා පැත්තකින් පවුලේ බර අඩු වෙනවා වගේම පවුලට ආදායමක්ද ලැබෙන නිසා ඇතැම් දෙමව්පියන් කැමැත්තෙන්ම දරුවන්ව මෙහෙකාර සේවයට දෙනවා. තැරව්කරුවන් මගින් මේක ක්‍රියාත්මක වෙනවා.

වතු පාසල්වල 8 පන්තියෙන් ඉහළට ළමයි අඩුයි…

වතුකරයේ පාසැල් වල අටේ පන්තියෙන් එහාට ළමයින් ඉගෙන ගන්න එනවා අඩුයි. පාසැල් නොගොස් කීයක් හරි උපයා ගන්න රැකියාවක් කරන්න ළමුන් පෙළඹෙනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකවන ආයතන රැසක් ලංකාවේ තිබෙනවා. මේවා අතර සම්බන්ධීකරණයක් නොමැති වීම විශාල අඩුපාඩුවක්. වතුකරයේ අනාරක්ෂිත දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මේ සියලු ආයතන ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් සයිනොෆාම් එන්නත්මාත්‍රා දසලක්ෂ අසූ දහසක් කටුනායකට…

Next Post

ලබන අවුරුද්දේවත් වාහන ආනයනය බෑ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.