කීර්ති ප්රනාන්දු –
සයිනොෆාම් එන්නත් මාත්රා දසලක්ෂ අසූ දහසක තොගයක් අද (08) අලුයම මෙරටට රැගෙන විත් තිබේ.
චීනයේ බෙයිජිං නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක්වන යූ.එල්. 869 දරන ගුවන්යානයෙන් අද (08) අළුයම 5.26ට මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇත.
එහි එන්නත් තොගය කිලෝග්රෑම් 19 951ක් බරැති පෙට්ටි 60ක වියලි අයිස් යොදා තැන්පත්කර තිබූ මෙම එන්නත් තොගය ගුවන්තොටුපල ගබඩාවේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගත් බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරියා පැවසුවේය.