වාහන ආනයන සීමා ලබන වසර පුරා ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.
පසුගිය වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වූ මෙම වාහන ආනයන සීමා ඇතුළු තවදුරටත් රාජ්‍ය වියදම් සීමා කිරීමේ දැඩි තීරණවලට එලඹීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අදාළ උපදෙස් ලබා දී ඇති බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.
රජයේ ආයතනවලට අදාළ වාහනද ගෙන්වීම සඳහා කිසිසේත් මුදල් ප්‍රතිපාදන ලබන අයවැයේදී වෙන් නොකිරීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති අතර එම ආයතනවල ඇති පැරණි වාහන අලුත්වැඩියා කොට භවිතා කිරීමට සහ දැනට විවිධ හේතු නිසා රේගුවෙන් නිදහස් කර නොගත් වාහන පවතී නම් ඒවා රාජසන්තක කර ආයතනගත කිරීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත්ව ඇතැයි මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රි ලංකාව දළ වශයෙන් රුපියල් කෝටි 2400ක් පමණ (බිලියන 24) වාර්ෂිකව වාහන ආනයනය සඳහා වැය කරන අතර 2015 වසර සිට 2019 වසර දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.2ක් පමණ වාහන ආනයනය සදහා වැය කොට ඇත.
දළ වශයෙන් ශ්‍රි ලංකාවට වාහන ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයක් ගෙන්වන අතර 2015ත් 2019ත් අතර කාලය තුළ වැඩිම වාහන ප්‍රමානයක් ගෙන්වා ඇත්තේ 2015 වසරේය. ඒ වාහන 647000ක් ලෙසය.