මිනිස් අවයව ජාවාරම් විරෝධී කණ්ඩායමක් විසින් නීතීඥ ඉඳුනිල් බණ්ඩාර හරහා වසර ගණනාවක් පුරා පවතින නීති විරෝධී වකුගඩු ජාවාරමට එරෙහිව කරන ලද පැමිණිල්ල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විභාගයට ගැනීම ආරම්භ කරන ලදි.
මෙම නීති විරෝධී ජාවාරමේදී සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සිදු කොට තිබෙන මාතර දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සහ වෛද්‍ය මොනික් අඹේපිටියට විරුද්ධව සිදු කර තිබෙන මෙම පැමිණිල්ල ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාරක සභිකයන් වන වෛද්‍ය ජයන්ත ජයවර්ධන සහ වෛද්‍ය එස් ෂන්මුගම් ගේ ප්‍රධානත්වයෙන් විභාග වෙයි.
කෙසේ නමුත් වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන මෙම ජාවාරම යට මාසික ගෙවීම් ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනෙකු සිටින බව පවසන පෙත්සම්කරුවෝ මීට ඉහතදී සිදු වූවාක් මෙන් මෙම පරීක්‍ෂණයද යට ගැසීමේ ප්‍රවණතාව ඉහල බව පෙන්වා දෙති.







