බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීති විභාගය ඉංග්‍රීසී මාධ්‍යයෙන් පැවැත්වීමේ තීරණයට අස්ගිරි මහ නාහිමියෝ මැදිහත් වෙති!

by editor
ඔක්තෝබර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම සඳහා රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධව සංඝ සභාවේදී සාකච්ඡා කර ජනපතිවරයා හා විෂය භාර ඇමැතිවරයා වෙත මහා සංඝරත්නයේ අදහස යොමු කරන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.

ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සමාජික පිරිසක් ඊයේ (12) අස්ගිරි මහාවිහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාමියෝ මේ බව ප්‍රකාශ කළහ.

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට රජය තීරණය කර තිබෙන්නේ ඇයිද යන්න සොයා බලා ඒ පිළිබඳ සංඝ සභාව තුළත් සාකච්ඡා කර තීරණයක් ඉදිරියේදී දැනුම් දෙන බවද මහනාහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය 2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉදිරියට ඇති විභාග ක්‍රමිකව ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට තීරණය කර තිබීම හේතුවෙන් උද්ගතවන ගැටලු සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීම සඳහා සකස් කළ ලියවිල්ලක් ද ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සභාපතිවරයා ඇතුළු පිරිස විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

අදාළ තීරණය මගින් ස්වභාෂා අයිතිය උල්ලංඝනය වන්නේ යැයි  ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ සභාපති උදයංග කලන්සූරීය පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු වසරේ දී විෂයන් තුනක් දෙවන වසරේ  විෂයන් පහක් හා තුන්වන වසරේ දී සියලුම විෂයන් ලෙස ක්‍රමිකව විභාගය ඉංග්‍රීසියෙන් පමණක් පැවැත් වීමට නීති විද්‍යාලය තීරණය කර තිබෙන බවත් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ප්‍රාථමික පංති වලදී ලබා නොදී එක්වරම විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත් වීම තුළින් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලද සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සභාපතිවරයා කීය.

විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් පාසැල් මට්ටමින් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම ක්‍රමිකව වසර 10 ක් හෝ 15 ක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ ඇමැතියරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ස්වභාෂායෙන් විභාග වලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම තුළින්  ග්‍රාමීය තරුණ තරුණියන්ට නීති විද්‍යාලයට පැමිණීමට තිබූ අවස්ථාව සැලකිය යුතු ලෙස පහත වැටෙන බවද නීති විද්‍යාර්ථීන්ගේ ස්වභාෂා එකමුතුවේ සභාපතිවරයා පැවසුවේය.

2020 දෙසැම්බර් මස 30 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රමනුකූලව නීති විද්‍යාලීය විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් කිරීමට පමණක් තීරණය කර තිබෙන බවද ඔහු කීය.

අදාළ ගැසට් පත්‍රයට අනුව 2025 වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ විභාග පැවැත්වීමට තීරණය කිරීම ස්වභාෂා අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරිමක් බවත් ග්‍රාමීය වශයෙන් නීති විද්‍යාලට තේරී පත්වන දරුවන් විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා නොමැති වීම තුළ ඔවුන්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් කලන්සූරිය ප්‍රකාශ කළේය.

වසර 11 ක් වන පාසල් කාලය තුළ ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් රජයට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොතිබියදී එක්වරම විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම නිසා අනාගතයේ ග්‍රාමීය සිංහල බෞද්ධ දරුවන්ට නීතීඥවරයෙකු වීම සිහිනයක් පමණක්ම වනු ඇති බවද ඔහු  කීය.

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අවශ්‍යය නම් එය එක්වරම සිදු නොකර භාෂාවට අනුගත වීමට පාසල් වල 10 හා 11 ශ්‍රේනි වල සිටම යම් වැඩපිළිවෙළක් සකස් විය යුතු බව පෙන්වා දෙන ඔවුන්  කොළඹ වෙසෙන ඉහළ පැලැන්තියට මෙය අසීරු නොවනු ඇති බවද සභාපතිවරයා පැවසුවේය.

අනාගතයේ නීති අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වීම මගින් විහාර හා දේවාලගම් පණත ඇතුළු සමස්ත නීති පද්ධති ඉංග්‍රීසියෙන් පමණක් ක්‍රියාත්මක වීම නිසා භික්ෂූන් වහන්සේලාට හා ග්‍රාමීය ජනතාවට නීතිය සමඟ අනවශ්‍යය පොර බැදීමකට යාමට සිදුවෙන බවද හෙතෙම අවධාරණය කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනාම නිදහස් වූ හැටි…

Next Post

අහුංගල්ල වෙඩි තැබීම මත්කුඩු ජාවාරමක ඔත්තු කරුවෙක් ඉලක්ක කරගෙන සිදුවූවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.