සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවසේ සිට තනිව රිය පදවාගෙන කනත්තට ගොස් ඝාතනය වුණු ෂාෆ්ටර්ගේ අබිරහස් ගමන කුමක් ද?

by editor
දෙසැම්බර් 20, 2022 - Updated on දෙසැම්බර් 21, 2022
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

අතිශය සැක සහිත සිදුවීම් ගණනාවක් පාදක කරගෙන  ඉතාම සමීපතමයින් සම්බන්ධව විමර්ශන පුලුල් කිරීමට  දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන අංශ කටයුතු කර තිබේ.

ඔවුන්ගේ පෙර සහ පසු හැසිරීම් තියුණු ලෙස නිරීක්ෂණය කරමින් දුරකථන ජාල පරීක්ෂාවක් ද   සිදුවෙමින් ඇති බව  විමර්ශන ආරංචි මාර්ග කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පැවසුවේ දිවා රාත්‍රී පුරා උක්ත විමර්ශනය පැවැත්වෙන බවය.

ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් හෙළි වී ඇති නිසා නොබෝ දිනකින්ම මේ කෘෘර ඝාතකයා සොයාගත හැකි වනු ඇතිබවට විමර්ශන අංශ විශ්වාසය පලකරයි.

මේ වනවිට ඔහුගේ ඝාතනය සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ප්‍රකාශ වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනේෂ් ෂාෆ්ටර්  පසුගිය 15 වැනිදා සිය  කොළඹ 07 මල්පාර නිවසේ සිට පිටත්ව එන්නේ පස්වරු 1.55ට ය.  දැනට ඇති සීසීටීවී දර්ශන අනුව වාහනය තනිවම පදවාගෙන එන්නේ ෂාෆ්ටර්ය.  ඔහු    කෙලින්ම බොරැල්ල කනත්ත තුළට රිය ධාවනය කිරීමට පෙර   කොළඹ 07 ගුණපාල මළලසේකර මාවතේ  Rodrigo’s Lozingry Flavours අවන්හලට ගොස්      කෙටි ආහාර මිල දී    ගන්නේය. කනත්ත වෙත ගමන් කර ඇත්තේ ඉන් අනතුරුවය.

කෙසේ වෙතත් ඔහුගේ වාහනය පසුපසින් ගමන් ගත් තවත් වාහනයක් ගැන මේ වනවිට විමර්ශකයින්ගේ අවධානයට යොමු වී තිබේ.

සිද්ධි පෙළ ගැස්ම

ඝාතනය සිදුවූ 15 වැනිදා පස්වරු  1.55ට නිවසින් පිටත්ව එන සිය සැමියා  වෙත කෙටි පණිවිඩයක් නිකුත් කරමින් බිරිය  ටානි ෂාෆ්ටර්  “දැන්ම නැවත එනවාදැයි“ දිනේෂ්ගෙන් විමා තිබේ. ඒ  පස්වරු 2.15ට ය.

මේ අතර පස්වරු 2.42ට දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනයෙන් බ්‍රයන් තෝමස් වෙත දුරකථන පණිවිඩයක් ලැබී තිබේ. එහි තිබී  ඇත්තේ ඔබ පැමිණෙන තුරු මා බලාසිටිනවා යන අදහසය.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රයන් තෝමස් දන්වා ඇත්තේ    “මට ඔබ කියන්නෙ කුමක් දැයි තේරෙන්නේ  . දෙසැම්බර් 24 ඔබ මට මොකක් ද කළේ කියලා ඔබම  දන්නවා“ ලෙසය.

පස්වරු 2.43ට තවත් වට්ස්ඇප් පණිවිඩයක්  යවමින් ෂාෆ්ටර්  බ්‍රයන් තෝමස්ට දන්වා ඇත්තේ “ඔබ කියූ ලෙස පිණිවිඩ සියල්ල මකා දැමූ “බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රයන් තෝමස් නැවතත් වට්ස්ඇප් පණිවිඩයක් යවමින් විමසා  ඇත්තේ “ මම කවද්ද ඔයාට කිව්වෙ මැසේජ් ඩිලීට් කරන්න කියලා “ ලෙසය.

බ්‍රයන්ට යැවූ පණිවිඩ සැකයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව පස්වරු 2.45 වනවිට දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පිවිස අවසන්ය.

බ්‍රයන් තෝමස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ තමන්ගේ දුරකථනයට දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකථනයෙන්  පණිවිඩ එව්වේ වෙනත් පුද්ගලයෙක් විය හැකි බවය.

“කලක් මා ඔහුව  සමීප මිතුරෙක් ලෙස ඇසුරු කළා. දිනේෂ් ෂාෆ්ටර්ගේ  ඉංග්‍රීසි හැසිරවීමේ පරිචය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබුණා.  මේ පණිවිඩ ඔහුගේ බස් වහරට වඩා වෙනස්…“  බ්‍රයන් තෝමස් වැඩිදුරටත් කීවේය.

සිහි සුන් තත්තවයේ සිටි බව කියන දිනේෂ් ෂාෆ්ටර්ව ක්‍රිෂ් පෙරේරාට හමුවී ඇත්තේ පස්වරු 3.30ට ආසන්න වෙලාවක දී ය.  පස්වරු 3.55 වනවිට  ඔහුගේම රථයෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට මෙම විධායක නිලධාරියා කටයුතු කර ඇත.

එහෙත් මේ සියල්ල සිදුවී නිමා වනතෙක්  දිනේෂ් ෂාෆ්ටර් පත් වී සිටි තත්තවය ටානි ෂාෆ්ටර් හෝ පොලීසිය දැන සිට නැත.

අද වනවිට  දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය ටානි ෂාෆ්ටර් ගේ ප්‍රකාශ සටහන් ගෙන තිබිණි. ශානි ෂාෆ්ටර් ගේ දැන්විම මත, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ ස්ථානයට ගිය ක්‍රිෂ් පෙරේරාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් පවසන්නේ ශාෆ්ටර්ගේ මේ හුදකලා ගමන අතිශය පුද්ගලික කරුණක් වෙනුවෙන් සිදුවී ඇතැයි සැක කරන බවය.

එය තවත් පුද්ගලයෙකුගේ බසට රැවටී පැමිණි ගමනක් විය හැකි බවට ද ඔවුහු සැක පහළ කරති. එමෙන්ම මෙම ඝාතනය පෙර සැලසුම් කළ එක්ක බව ඔහුගේ ගෙල සිර කිරීමට ගෙනා ප්ලාස්ටීක් රැහැන් ආදියෙන් හෙළි වන බව විමර්ශන අංශ කියයි.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කීවේ මෙසේය.

“විමර්ශකයින්  පැති කිපයක් සැක කරලා තියනවා. සුවිශේෂී සැකයක් තවම නෑ.  එසේ තිබුණත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන චෝදනා එල්ල කීරීමට තරම් තවමත් මේ විමර්ශනය අවසන් වී නෑ.“. එහෙත් බොහෝ දුරට මේ පරීක්ෂණයේ අවසනායක් ඉක්මනින්නම දැකිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසය පල කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගනුදෙණු කිරීමට සූදානමින්…!

Next Post

ක්‍රීඩා ඇමතිවරයාගේ ගැසට්ටුව නිසා විසිවීමට නියමිත ක්‍රීඩා සංගම්  ලොක්කන් ලැයිතුව මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.