-
නිල නිවසින් ඇද දමා එල්.ටි.ටී.ඊ ය හෝ ඩයස් පෝරාව හරහා මහින්ද රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන සැකයි… සාගර කාරියවසම් කියයි!
ළිඳ ලඟ සංගමය මෙන් තැන් තැන්වල කතා කියමින් නොසිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති නිල නිවසින් ඉවත්වන ලෙස නිල වශයෙන් පවසන ලෙසත් නිල වශයෙන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්නේ නම් එක් මොහොතක් හෝ විජයාරම නිල නිවසේ මහින්ද රාජපක්ෂ රැඳී නොසිටින බවත් පොදු ජන පෙරමුණ අද රජයට දැනුම් දුන්නේය.
පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ මේ රජය උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ නිල නිවසින් ඇද දමා එල්.ටී.ටී.ඊ සංවිධානය හරහා හෝ ඩයස්පෝරාව හරහා ඔහුගේ ජිවිතයට තර්ජනයක් කිරීමට දැයි මේ වනවිට සැක ඉපදී ඇති බවය.
සාගර කාරියවසම් මෙසේ ද පැවසුවේය.
මම හිතන්නේ එතුමාට මේ දවස්වල තමන්ගේ වහල්ලු ටික උද්දාමයට පත් කරන්න වෙන කියන්න දෙයක් නැති නිසා මහින්ද රාජපක්ෂ මහත්තයගේ නිල නිවස ගැන තමයි එතුමාට කියන්න තියන එකම මාතෘකාව.
නමුත් ගරු ජනාධිපති තුමනි. ඔබතුමාට ඉතාම ගෞරවයෙන් කියන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම නිල නිවස භාර දුන්නේ ඔබතුමාත් පාර්ශව කාරයෙක් වෙච්ච යහපාලන රජය විසින්. එතුමාට නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්. එතුමා ඒක භාර ගත්තේ නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමාලට අවශ්‍ය නම් නිල වශයෙන් දැනුම් දීමක් කරන්න. එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නේ නෑ.
එතුමා වහාම ඒ නිවසින් පිට වෙලා යනවා. නමුත් ඔබතුමාලා මේ හෙදන්නේ ළිඳ ලඟ සංගමය වගේ තැන් තැන්වල කියෝ කියෝ ඉඳලා එතුමාව ලජ්ජාවට පත් කරලා එතුමාව එළියට දාන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලට කරන්න දෙන්නේ නෑ. ඊට පස්සේ එතුමාගේ ජීවිතයට එල්ටීටීඊ සංවිධානය හරහා හෝ ඩයස්පෝරාව හරහා කිසියම් තර්ජනයක් ඇති කරන්නක ඔබතුමන්ලා යම් කිසි කුමන්ත්‍රණයක යෙදෙනවා කියන කාරණය කියන එක තමයි අපි හිතන්නේ.
නිල වශයෙන් දැනුම් දීමක් කරන්න. එතුමා එක මොහොතක් ඊට පස්සේ ඒ ගෙදර ඉන්නේ නෑ. හැබැයි ඊට පස්සෙත් ආරක්ෂාව සැපයීමේ වගකීම නම් මේ රජයට තියනවා. ඒක ඔබතුමාට තියන වගකීමක් නොවෙයි. ශ්‍රී ලංකා රජයට තියන වගකීමක්.







