දිනසේන රතුගමගේ –
නිරෝධායන ඇදිරි නීතිය යාපනය නගරය තුළ ඉතා මැනවින් ක්‍රියාත්මක වන බව යාපනය පොලීසිය අද ( 22 ) පැවසීය.
යාපනය නගරය දැඩි පාලුවට ගොස් ඇති අතර නගරයේ ප්‍රධාන වීදි වල ගවයින් හා සුනඛයින් පමණක් සිටින බව ද පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් පොලීසිය විසින් නිරෝධායන ඇදිරි නීතිය කඩ කරණ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කීපයකම මාර්ග බාධක යොදා ඇති බව ද පොලීසිය සඳහන් කළේය.