සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරිත දිග ගැඹුරු මුහුදේ දී නැවක ගැටුණු බහුදින ධීවර යාත්‍රාවක ධීවරයින් 03ක් අතුරුදහන්… සිවු දෙනෙක් බේරාගනී… එක් ධීවරයෙකුට අසාධ්‍යයි…

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ –  ලලිත් චාමින්ද – 

ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් අතුරුදහන් වී තිබේ.

ඉන් ධීවරයින් සිව් දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට නාවික හමුදාව අද (03) කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ගාල්ල ධීවර වරායෙන් පසුගිය අගෝස්තු මස 25 දින ධීවරයින් හත් දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක IMUL – A- 0690 – GLE දරණ ‘නිහතමානි 01’ නමැති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී අද (03) අළුයම එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කළ නෞකාවක ගැටීමෙන් යාත්‍රාව පෙරලී ආපදාවට ලක්ව තිබේ.

එම අනතුරින් ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව තිබේ.  අතුරුදන් වි ඇත්තේ හත්මුනි සමන් කුමාර ද සිලවා ,කලුබුන් වසන්ත ද සිල්වා,   වැලිකන්ද   අහුංගල්ල  ප්‍රදේශයේ පදිංචි   ධීවර කාර්මිකයින් දෙදෙනෙකු සහ යකුපිටි කුමාරසිංහ  නැමති  බන්වැල්දුව, කොස්ගොඩ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

යාත්‍රාවේ හිමිකරු වන නො. 60/25 , සුප්‍රිම් සිටි, ආනන්ද මාවත , කිතුලම්පිටිය , වක්වැල්ල , ලිපිනයේ පදිංචි මනික්කුවා හන්දි දිලිප් නිශාන්ත ද සිල්වා නැමැත්තෙකි. 

යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු ‘ලසන්ත 01’ නැමැති බුහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගෙන මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද නාවික හමුදාව කියයි.

ධීවරයෙක් සිව් දෙනාගෙන් එක් ධීවරයෙක් අසාධ්‍ය තත්වයේ සිටින බැවින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කරන ලද දැනුම් දීමකට අනුව නාවික හමුදාව මෙම පියවර ගෙන තිබේ.

එයින් පසු ‘ලසන්ත 01’ නැමැති බුහුදින ධීවර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙන එමින් සිටින ධීවරයින් සිව් දෙනා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව පිටත් කර යැවීමට මෙලෙස කටයුතු කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කියා ඇවිත් හිමි නමගේ දුරකතන සිම්පත් සොරාගෙන බැංකු ගිණුමට විදලා…

Next Post

බාල වයස්කාර පොඩි නැන්දා බාල වයස්කාර පුතා විසින් දූෂණය කරලා… 9 වසරේ ඉගනුම ලබන දැරිය 05 මස් ගැබිණියක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.