-
අරාජකාරි පීඩනය දරා ගන්න බැරිව සේවය හැර ගිය ඇඹිලිපිටිය රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරිය මොළය සහ ස්නායු පද්ධතිය ආශ්රිත ශල්‍යකර්ම සඳහා විශේෂ පුහුණුවක් ලද විශේෂඥවරියක්… ඇයගේ විශේෂඥතාවයට කිසිම සැලකීමක් සිදුකර නෑ…
අධික රාජකාර පීඩනය හේතුවෙන් සේවය හැර ගිය ඇඹිලිපිටිය රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය මොළය සහ ස්නායු පද්ධතිය ආශ්රිත ශල්‍යකර්ම සඳහා විශේෂ පුහුණුවක් ලද, එවැනි ශල්‍යකර්ම සිදුකරන ප්‍රධාන පෙළේ රෝහලක සේවය කළ යුතු විශේෂ වෘත්තිකයෙක් බව සෞඛ්‍ය ක්ෂේත්රයේ ආරංචි මාර්ග කියයි.
ඇය එංගලන්තේ ක්වීන්ස් ස්ක්වෙයාර් රොහලේ විශේෂ උක්ත විෂය පිළිබඳ විශේෂ පුහුණුවක් ලද වෛද්‍යවරියක බවත් ඇයගේ විශේෂඥතාවය ගැන නොසලකා තුන් දෙනෙකුගේ රාජකාරි බර උසුලමින් දෛනික සුළු සැත්කම් හතලියකට ආසන්න ප්‍රමාණයක් සහ බරපතල සැත්කම් හතක් හෝ අටක ප්‍රමාණයක් සිදුකිරීමේ වගකීම පවරා තිබුණු බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල් ගණනාවක එකම නිර්වින්දන වෛද්‍යවරයෙක් හෝ නොමැති තත්ත්වයක් තුළ රෝගීන් ජිවිතවලින් වන්දි ගෙවද්දී නිර්වින්දන වෛද්‍යවරු 06 දෙනෙක් සේවය කරන රාගම ශික්ෂණ රෝහලට විදේශගතව සිට පැමිණි තවත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරියක යොදවා ඇතැයි ද වාර්තා වේ.
වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රධානම හේතුවක් ලෙස මෙම පරිපාලන වැරදිද බලපා ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ ආරංචි මාර්ග කියයි.







