දිනසේන රතුගමගේ –
නිර්වා සුළි කුණාටුවත් සමග උතුරු පළාතට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා හට ගත් වර්ෂාවෙන් හා සුළගින් යාපනයේ නිවාස 84 ක් අර්ධ වශයෙන් හානියට පත් වී තවත් නිවාස 11 ක වැසියන්ට නිවාස තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කලමනාකාර මධ්‍යස්ථානය සදහන් කරයි.
යාපනය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සහකාර අධ්යක්ෂ එස්.සූරියරාජ් ප්‍රකාශ කළේ පැයට සැතපුම් 80 ත් 100 ත් අතර සුළගක් යාපනය හරහා හමා යාම නිසාත් වර්ෂාව නිසාත් මුහුදු ජලය ගොඩ බිම් වලට ගලාගෙන ආ බවයි.
යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14 කට අයත් මේ වැසියන් සදහා අවශ්‍ය සහන සැලසීමේ කටයුතු ආරම්භ කොට ඇති බවද ආපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.