ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ තමන්ගේ කාර්යාලයක් පවත්වා ගැනීමට ඉඩ ලබා දීම සම්බන්ධව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ යම් අප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බව විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඔහු ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය භාවිතා කරමින් සිදුකරන යම් යම් ගනුදෙනු සම්බන්ධව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුවේ සමහර ආරංචි මාර්ග පවසන්නේ නිමල් ලංසාව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමේ අභිලාෂය මත ස්වකීය කාර්යාලය පවත්වාගැනීම සඳහා මළලසේකර මාවතේ පිහිටි හිටපු ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් නිල නිවස ලබා දීමට කටයුතු කළ ද ඔහු ජනාධිපති ලේකම් කාර්යාලය තුළම රැඳී සිටින බවය.







