බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහසින් පස්සේ අවුරුදු 76න් අවුරුදු 47ක්ම රනිල් පාර්ලිමේන්තුවේ… අවුරුදු 47ක්ම රාජ්‍ය සම්පත් විනාශ කරමින් තමන් කළ අපරාධය ජනතාව මත පටවන්න එපා…

by editor
මාර්තු 5, 2024
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

නිදහසින් පසු එළඹි 76 වසර තුළ වසර 47ක්ම පාර්ලිමේන්තුවේ රැඳෙමින් පාලක පක්ෂයේ දේශපාලන නායකත්ව මණ්ඩලය තුළ හැසිරී කැබිනට් ඇමතිකම්, අගමැතිකම් දරා අවසානයේ දී විධායක ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව ඒතෙක් තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වැරදි බව කියමින් දැන් රාජ්‍ය ආයතන විකුණා දැමීමට කටයුතු කිරීම මොන ආකාරයෙන් විග්‍රහ කරගත යුතු අපරාධයක් දැයි ජාතික ජන බලවේගයේ විධායක සභික බිමල් රත්නායක ප්‍රශ්න කළේය.

ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර බිමල් පෙන්වා දුන්නේ රට විනාශයට ලක් කළ නිදහසින් අනතුරුව එළැඹි වසර 76 තුළ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නොමැතිව රට පාලනය වූයේ වසර 30ක් පමණක් බවය. රනිල් වික්‍රමසිංහ  සම්බන්ධව ගත් තින්දු, ඔහු අගමැති ලෙස කටයුතු කරමින් ක්‍රියාත්මක කළ වැරදි තින්දු   රාජ්‍ය ව්‍යවසාය විනාශ කර දැමූ පසු දැන් රටේ විධායක ජනාධිපතිවරයා වී “මෙතෙක් රාජ්‍ය දේපළ සම්බන්ධව ක්‍රියා කළ ප්‍රතිපත්තිය වැරදි බව” කියා ඒවා විකුණා දැමීමේ අපරාධය  කරන්නේ විලිලජ්ජාවක් හිරිකිතයක් සහිතව දැයි ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඇසුවේය.  මෙවැනි අපරාධකාරී පුද්ගලයෙක් රටක් ගොඩනගනු ඇත්තේ කෙසේ දැයි ඔහු විමසා සිටියේය.

තමන් විසින් කළ අපරාධ ජනතාව මත පටවන්නේ

එම මාධ්‍ය හමුවේ දි බිමල් රත්නායක මෙසේ කීවේය.

රාජ්‍ය සම්පත් විකුණමින් අති විශාල ජාතික ව්‍යසනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව යුහුසුළුව ක්‍රියාකරනවා. පසුගිය අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවේ යනුවෙන්.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔහු මෙතන අප කියලයි හඳුන්වන්නේ. නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 76ක කාලයෙන් 47ක් අවුරුද්දක් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් අගමැති සහ ජනාධිපති ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහුගෙන් තොරව තිබෙන්නේ අවුරුදු 30ක්. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ඔහු 77 සිට ප්‍රධාන නායක මණ්ඩලයේද ක්‍රියාකොට තිබෙනවා. එසේ ක්‍රියාකළ ඔහු රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද යහපත් ක්‍රියාවන් අනුගමනය නොකළ බව කියනවා.

ඔහු සම්බන්ධ වුණු 47 අවුරුද්ද තුළ රාජ්‍ය ව්‍යවසායන් වගේම රටේ සම්පත් විනාශ කර, කිසිම හිරිකිතයකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදුකරනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලියට අප අවධාරණයෙන් කියන්නේ තමන් විසින් කළ අපරාධ ජනතාව මත පටවන්නේ නැතුව තමන් විසින්ම බාරගන්නා ලෙසයි. මේ පාලකයින්ගෙන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් අපරාධකරුවන් ලෙස අධිකරණයෙන් පවා ප්‍රකාශ කර තිබෙනවා.

  • සමහර ආයතන විකුණන්නෙ ලාභ බලමින් සිටිද්දි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්  එජ් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය, මිල්කෝ සමාගම ඇතුළු ජාතික පශු සම්පත් මණ්ඩලයේ ආයතන වලින් සමහර ඒවා ලාභ ලබමින් තිබියදී පවා වගකීම් විරහිතව කුණු කොල්ලයට විකිණීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටිනවා. රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් ආර්ථික අපරාධ කරලා, එහි විපාක තක්කඩිකමින් ජනතාව මත පැටවීමටත් කටයුතු කරනවා.

අපේ රට ණය ගෙවීම අත්හිටුවීම සහ පොළී එකතුවීමත් එක්ක විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ඇති ණය ඩොලර් බිලියන 30 දක්වා වාර්ධනය වී තිබෙනවා. අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම් අත්සන් කරන කොට ඒ ණය ප්‍රමාණය  තිබුණේ ඩොලර් බිලියන 28.5ක. මේ ඩොලර් බිලිය 30න් ඩොලර් බිලියන 12.5ක්ම අවුරුදු 4 1/2ක දී ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී. මේ ආර්ථික අපරාධයේ ප්‍රධානම වගඋත්තරකරුවන් ඔවුන්. ඔවුන් දැන් ජනතාවට කියන්නේ ණය ගෙවන්න බැරි නිසා රටේ සම්පත් විකුණන බවයි.

මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ, රාජපක්ෂලාගේ වත්තක ඉන්නවා නම් එහෙම කියන්න පුළුවන්. රටේ දේපොළ රනිල් වික්‍රමසිංහගේවත්, රාජපක්ෂ කල්ලියේවත් නොවෙයි. තමන් විසින් කරන ලද අපරාධවල වැරැද්ද ජනතාව මත පැටවීම අපි මුළුමනින්ම හෙළා දකිනවා. හෙළා දැකීම පමණක් නොව මෙයට එරෙහිව වෘත්තිය සමිති මට්ටමෙන් සහ ජනතාව ලෙස නැගී සිටිය යුතුයි.

  • රාජ්‍ය ආයතන විනාශ වුනේ යල් පැන ගිය නිසා නෙමෙයි

රාජ්‍ය ආයතන විනාශයට ගමන් කරන්නේ කල් පැන ඇති නිසා නොවෙයි, රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, බණ්ඩාරනායකලා, ජේ.ආර්.ලා, දේශපාලන හෙංචයියන් මේ ආයතනවලට පත්කිරීම නිසයි මේ විනාශය සිදුවුණේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ ඒ ආයතනයේ සේවය කරන අයගේ වරදකින් නොවේ. නිමල් සිරිපාල ගුවන් සේවා ඇමති ලෙස සිටියදී ජපන් ණය මත ක්‍රියාත්මක කරන්න ගිය ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම එරටෙන් නතර කළේ ඇමතිගේ වංචා-දූෂණ නිසා බව පැහැදිලියි. නමුත් විකාරරූපී කමිටුවකින් පරීක්ෂණ පවත්වා ඔහුව නිදහස් කළා. ඒ ඇමති පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ගුවන් යානයකට මීයෙක් ඇතුළුවීම නිසා ගුවන් යානා ප්‍රමාදවීමෙන් මේ ආයතනය විකුණා ගැනීමටත් නොහැකි වන බවයි. ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී පමණක් නොවෙයි, එවැනි මිලදී ගැනීම්වලට අත්සන් කළ ගිවිසුම් අවලංගු කිරීමේදී පවා පගාව ගත්තා.

මීළඟට රට ප්‍රවේශ වෙන්නේ ඩිජිටල් ආර්ථිකයට නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම වැදගත්. ලංකාවේ අනාගත ආර්ථිකයේ කොන්ද ටෙලිකොම් ආයතනයයි. ඒ ආයතනය විකුණන්න කරන උත්සාහයේදීත් වංචා කිරීමට විරුද්ධව එක ටෙන්ඩර්කරුවෙක් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ආර්ථික විද්‍යාඥයන් යනුවෙන් නම්කර ගත් ගිරව් කණ්ඩායමක් ලබාදුන් උපදෙස් මත මේ රට බංකොලොත් වුණා. රජයට අයත් පශු සම්පත් මණ්ඩලය වැනි ආයතන විද්‍යාත්මක සැලැස්මක් මත ගොඩනැගූ ඒවා. ප්‍රමිතියෙන් යුතු කිරි ආහාර නිෂ්පාදනය කරන්න මිල්කෝ ආයතනයත් එයට පශු සම්පත් මණ්ඩලයට අයත් වතු 31ක් පමණ තිබෙනවා. නමුත් දැන් මේ ආයතනය විකුණන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ රජයට සම්බන්ධ අමූල් කියන සමූපකාර සමාගමට. අපේ රටේ රාජ්‍ය අංශයට ව්‍යාපාර කරන්න බැරි බව කියා විකුණන්න දානකොට ඉන්දියාවේ රජයට සම්බන්ධ අයි.ඕ.සී. සමාගම, චීන රජයේ සිනොෆැක් ආයතන වගේ රාජ්‍ය ආයතනවලින් මේ රටේ ආයතන මිලදී ගන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදලින් රජය පවත්වාගෙන ගිය ආයතන විකිණීමේ ප්‍රධානම අරමුණ මංකොල්ල කෑමයි.

  • ආයෝජන ගෙන්වා ගැනීම යනු විකිණීම ද?

විනිවිදභාවයකින් යුතුව අපේ රටට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අපි එකඟයි. ආයෝජන කැඳවා ගැනීමත් පවතින රාජ්‍ය ආයතන විකුණා දැමීමත් කියන්නේ දෙකක්. 1977 සිට 2017 දක්වා වසර 40ක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළේ දේශීය ව්‍යාපාර හෝ කර්මාන්ත ගොඩනැගීමේ ප්‍රතිපත්තියක් නොවේ. අවුරුදු 40ටම ලංකාවට ආව ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 40යි. පහළම මට්ටමේ ඉඳලා පගාව දීමට අවශ්‍ය නිසා විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. ලංකාවේ ජනතාව විසින් ගොඩනඟා පවත්වාගෙන ගිය ආයතන ගන්න පැමිණෙනවා මිස නව කර්මාන්ත සහ සේවා ආරම්භ කරන්න විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. අඩුම තරමේ රුකියා ටිකක් දෙන්න පුළුවන් ආයෝජන ලංකාවට එන්නේ නැහැ. ටෙලිකොම් ආයතනය, වරාය, ඛනිජ තෙල්, විදුලි බල මණ්ඩලය වගේ ආයතන මෙරට මහජන මුදලින් ගොඩනගාගෙන පවත්වාගෙන ගිය ආයතනයි. අඩුම ගානේ පාසල් දරුවන්ට පැන්සල් ටිකක් පෑන් ටිකක් හදන්න ආයොජකයන් එන්නේ නැහැ.

ජනතාවගෙන් කොන්වුණු දූෂිත පාලකයන්ගෙන් විකුණන දේපළ ගන්න ලෝකයේ ඉන්න දූෂිත ව්‍යාපාරිකයෝ එනවා. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ජාතික සම්පත් අත්‍යවශ්‍යයි. ලංකාවේ අනාගතය අහුරා දමන විකිණීම වෙනුවට ඇත්ත ආයෝජයන් කැඳවන ලෙස අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා. සම්පත් විකුණා අසාර්ථක වීමක් සම්බන්ධයෙන් හොඳම උදාහරණය මහා බි්‍රතාන්‍යයි. රටේ ජල සම්පත විකුණා දැමීමෙන් පසු ජනතාවට අවශ්‍ය ජලය සපයා ගන්න නොහැකිව බි්‍රතාන්‍ය පාලකයන් සිටිනවා. ඒ රටේම දුම්රිය විකුණා දැමීමෙන් පසුව ගුවන් ගමනකට වඩා වියදමක් කෝච්චියෙන් යන්න දරන්න සිදුවී  තිබෙනවා. දැන් නැවත පවරාගන්නත් බැරිව ඉන්නවා. හතළින් අවුරුද්දක් තිස්සේ රට ඉන්දියන් සාගරයේ ගිල්වා දමා තිබෙනවා. ඉතිරිවී තිබෙන ජාතික සම්පත් ටික රැකගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලාත් වෘත්තීය සමිතිත් ගෙනයන ක්‍රියාමාර්ගවලට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Share69Tweet43
Previous Post

බැසිල් සිය රටේ සිට  දිවයිනට පැමිණෙයි!

Next Post

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වේවි කියලා මම හිතන්නෙ නෑ… බැසිල් ගුවන්තොටුපලේ දී කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.