බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැනෝ නයිට්‍රිජන් ගෙන්නුවෙ රාජ්‍ය අමාත්‍යංශයෙන්… මිල වැඩි නිසා මම මැදිහත් වී මිල අඩු කරගත්තා… මහින්දානන්ද.

මේ දවස්වල එළවළු මිල වැඩි වුණේ වැස්ස නිසා... නුවරඑළියට හොඳටම වැස්ස...

by editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂිකර්මය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය විසින් ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වීම සඳහා අදාළ ටෙන්ඩර කැඳවීම සිදු කළ අතර මෙම පොහොර ආනයනය කර ඇත්තේ ඉහළ මිලකට බවට තමන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව පැවති සාකච්ඡාවකදී එම පොහොරවල මිල ඩොලර් 2.5කින් පහළ දැමීමට අදාළ ආනයනකරුවා එකඟතාව පළ කළ බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමෙන්තුවේදී පැවසීය.

මෙම මිල අඩු කිරීම හේතුවෙන් රටට ඇමරිකානු ඩොලර් මිලියන 5.2ක විදේශ විනිමයත් ඉතිරි කර ගැනීමටත් ඒ අනුව රුපියල් බිලියන 1.7ක් ඉතිකිර කර ගැනීමටත හැකියාව ලැබුණු බව අමාතයවරයා තවදුරටත් පැවසීය.

අද පස්වරුවේ අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“  වස විසක් නැති කාබනික ගොවිතැන සඳහාවන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තුළ මමත් රාජ්‍ය ඇමතිවරයාත් දෙදෙනාම හිට ගන්නවා. අපි එම ප්‍රතිපත්තිය තුළ ඉඳලයි වැඩ කරන්නේ.  අපි චීනයෙන් නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම අත්හිටුවීටත් මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ගෙන්වීමටත් පියවර ගත්තා. එ අනුව පොහොර ලේකම් කාර්යාලයට ලැබී තිබූ යෝජනා අතරින් හොඳම එක තමයි නැනෝ නයිට්‍රජන්.  මේ පාහොර රාජ්‍ය අමාත්‍යංශය යටතේ ටෙන්ඩර් කැඳවලා  ඇගයීම් කමිටුවට දාලා කැබිනට් මණ්ඩලයට දැම්මා. අපිට දැන ගන්න ලැබුණා ආනයනය කරන පොහාර මිල අධිකයි කියල. ඒ බව දැනගත්තේ  බැංකුවෙන් ලද  ලිපියක් අනුව. මම මේ ගැන ජනාධිපතිවරයා දැනුවත් කළා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඊට පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම රැස්වීමක් කැඳවලා  අනයනකරුවාට කිව්වා මේ පොහොර මිල  වඩා ඉහළයි අඩු කළේ නැතිනම් වෙන තැනකින් ආනයනය කරනවා කියල. ඊට පස්සේ ඩොලර් 2.5ක් අඩු කළා. මේ නිසා අපට ඩොලර් මිලියන 5.2ක් එනම්  බිලියන  1.7ක් මේ ආනයනකරුවාගෙන් ඉතිරි කර ගන්න පුළුවන් වුණා.

මේ සමඟ චීන පොහොර ගැනත් කියනන් ඕන. මේකට  සල්ලි ගෙවන්න වෙනවා. මේක ගෙවන්න බැඳිල ඉන්නවා. මේක ප්‍රමිතිය නැති නිසා අපි ප්‍රතික්ෂේප කළා.   අප සමාගමට දන්වලා තිබෙනවා නීත්‍යනුකූ බලපත්‍රයක් අරගෙන නීත්‍යනුකූල   නැවත පොහොර ගෙන්වා ගන්න.

අපට අවශ්‍ය යැපුම් සඳහා  ආනයනය කරන කිරි ටික මේ රටේ නිෂ්පාදනය කරන්න, අල ලූනු නිෂපාදන්ය කරන්න 2024 වෙනවිට මේ සියල්ල නිෂ්පාදනය කිරීමට අපි කටයුතු කරනවා.  ආනයනයෙදී වැඩිම වියදම් යන  අල ලූනු මිරිස් මේ රට තුළ නිෂ්පාදනය කිරීමට, බිජ නිෂ්පාදනය කිරීමට වැඩ පිළිවෙළ කරනවා.

මේ දිනවල එළවලු මිල ඉතා ඉහළ ලෙස වැඩිවුණේ විශේෂයෙන්ම වැස්ස නිසා.   නුවරඑළියේ පසුගිය දින 22න්  20ක් ම වැහැලා. මේ ත්තවය මිල වැඩි වීමට අහිතකර ලෙස බලපෑවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිත රිදුනා නම් සමාවෙන්න… ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය!

Next Post

“බැඳුම්කරේ සල්ලි වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් වත්කම් රාජසන්තක කරනවා”

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.