නැගෙනහිර පළාතේ සංවර්ධනය කටයුතු සඳහා ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 2371ක් ප්‍රදානයට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ලෙස මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබිණි.
ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ ආවරණය කරන ව්‍යාපෘති 33ක් සඳහා මෙම ආධාර මුදල යෙදවීමට රජය සැලසුම් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වේ.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපතිවරයා යොමුකළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.







