සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩ නාගන්න දයාසිරි තමන්ට උදව් කරන්න ගිය හිටපු මෛත්‍රීපාලත් නිරුවත් කරන හැටි නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේ දී කියා දෙයි!

by editor
දෙසැම්බර් 24, 2024
in පුවත්
Dayasiri-Nalinda
Share on FacebookShare on Twitter

දයාසිරි ජයසේකර වසර ගණනක් මඩේ ලැගි ඌරෙක් සේ හැසිරෙමින් හතර අතේ මඩ තවරමින් යනවා පමණක් නොව අවසානයේ දී එවකට තමන්ගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් බරපතල සදාචාරාත්මක අවුලකට පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (24) පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ 2005 -2010 කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලකයින් ද ජනාධිපති අරමුදලින් මුදල් ගත් ලේඛන තමන් සතුව ඇති බව ද ඒවා ඊලඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රශ්න කරන්නේ යැයි ද දයාසිරි ජයසේකර ඊයේ සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධව  ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට කිරීමකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ   ද පැවසුවේය.

“පාර්ලිමේන්තුවේ දි මා ඉදිරිපත් කළේ 2005 සිට 2024 දක්වා ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් දේශපාලකයින් කීප දෙනෙකුගේ නම් පමණයි. තවත් නම් ලයිස්තුවක් මගේ අතේ තියනවා. ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් පාලන ආයතනවල සභාපතිවරු, පළාත් සභා මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, … ඒ අයගේ ලේඛනයකුත් තියනවා. මම එදා කොටසක් පමණයි ඉදිරිපත් කළේ.”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“ඒ නිසා ඒ 2005 සිට 2024 දක්වා. ඉස්සරහට ඊට වඩා දේවලුත් අපි ඉදිරිපත් කරන්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ ගොල්ල ඉතිරි කරලා ගිහින් තියන ලේඛන මත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි, ජනාධිපති ලේකම් කාර්යාලයෙත් ඔය හැම ලේඛනයක්ම සොයා ගැනීම එතරම්ම ලේසි පහසු නෑ.

“දයාසිරි ගැන කියපු නිසා අනිත් ඔය නම් සඳහන් කරපු මන්ත්‍රීවරු ඇමතිවරු තිහකට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කළා. දයාසිරි ඇරුණාම අනෙක් අය භාරගත්තා ඔව් විවිධ තත්ත්වයන් තුළ මේ අය ගත්තා කියලා. දයාසිරි විතරක් එක එක දේවල් කියකියා යනවා.”

“මට මතක් වෙන්නේ සමහර මඩේ ලැගපු ඌරෝ… ඒ අය එළියට ඇවිත් ගඟක ඇලක දොලක පැනලා මඩ හෝදගන්න නෙමෙයි ට්‍රයි කරන්නේ,  තමන්ගේ ඇඟේ තියන මඩ ටික කොහෙ හරි තාප්පයක, ගහක, ගලක උල උලා යන්න. ඒ වගේ වැඩක් තමයි කරමින් ඉන්නෙ. ”

” දැන් දයාසිරි කියන්න ඕන මම කොච්චර මුදලක් ගත්ත ද, එහෙමත් නැතිනම් තවත් අරමුදල්වලින් අරගෙන තියනව ද, පක්ෂයෙනුත් ගත්තද… ඒ ආදී දේවල් කියනවා මිසක් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත්ත අයගේ නාම ලේඛණය ඉදිරිපත් කළ මට හරි වෙන කාටහරි අවලාද ගහලා තේරුමක් නෑ.”

“ඉතින් කලබල වෙන්න දෙයක් නෑ. අනෙක් ඔය මන්ත්‍රීවරු ඇමතිවරු වගේම ඔව් ගත්තා කියලා පිළි අරන් හිටියා නම් හරිනෙ. එයා තමයි මේක හත්පොළේ ගාගෙන යන්නේ. ගත්තේ නැත්නම් නෑ කියන්න. මෙහෙම කියන්න බෑ. මට සිහිය නැතිවෙලා තිබුණේ. මම හිටියේ අන්කොන්ෂස් තත්ත්වයක. මෛත්‍රීපාල සිරිසේන ඇවිත් ඒක ගෙවලා ගිහින් තිබුණා. ”

“ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?. මේක ඇවිල්ලා අරමුදලක්. ජනාධිපති අරමුදල කියන්නේ පොදු ජනතාවගේ මුදලින් හැදුන අරමුදලක්. ඒ අරමුදලේ තීන්දු ගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ මණ්ඩලයක් තියනවා. මණ්ඩලයකින් ගන්න ඕන තීන්දුවක් හොස්පිටල් එකට ගිහින් “මෙයා දැන් අන්කොන්ෂස්. මෙයාගෙ බිල මම ගෙවනවා” වගේ තීන්දු ගන්න ජනාධිපතිට බැහැ. එහෙම අරන් තියනවා කියලා අපටත් ආරංචියි. සමහර ජනාධිපතිවරු මගුල් ගෙවල්වලට ගිහින් තෑගි විදිහට වාහන පර්මිට් දීලා ඇවිත් තිබුණා. එහෙම කරලා තියනවා. මෙහෙම තමයි හිටපු ජනාධිපතිලා වගකිම් විරහිතව හැසිරිලා තියෙන්නේ. දයාසිරි පෙරළා චෝදනා කරන්නෙ මෛත්‍රීපාල සිරිසේන – එයාගෙම නායකයට… ”

“මම දන්නෙ නෑ එයා කොයි කණ්ඩායමේ ද දැන් කියලා. ඒ නිසා මේවා කියන්න කියන්න ඒ ගොල්ල කරපු සදාචාරාත්ම වරද තමයි හෙළිදරවු වෙමින් යන්නේ. මම හිතන්නේ ඉතිරි ටිකත් එළියට දැම්මම මේ ප්‍රශ්නය විසඳෙනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැගෙනහිර සංවර්ධනයට ඉන්දියානු ආධාරයක් ලෙස රුපියල් බිලියන 2.37ක්…

Next Post

යුද්ධය ඇති කාලේ සිට වසා දැමූ පාරවල් අරින රජය දිවුලපතාන ගමට යන පාර විවෘත නොකරන්නේ ඇයි?. මඩකලපුවේ හාමුදුරුවෝ අසති!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.