සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගී එන තරුත් පකිස්ථානය ඉදිරියේ බැස ගියේය…

by editor
නොවැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට සිදුවිය. ඊයේ පකිස්ථානය හමුවේ පරාජය වීමෙන් අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු අත් හැරුණේය.

පිතිකරුවන් ඔරේ මන්දම් වෙද්දී මිලාන් රත්නායක අවසන් මොහොත තෙක් දැරූ වර්ණවත් උත්සාහය නිසා තරග පරාජයේ අන්තරය ලකුණු 05ක් දක්වා අඩු වුනේය.

අවසන් පන්දු ඕවරයේ තුන් වැනි පන්දුවේ දී පා ඉන්නෙන් ඉවතට ඇදී යන ආකාරය පැහැදිලිවම පෙනෙන පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකළ මිලාන්ට එරෙහි   තීන්දුව මතභේදාත්මක විය. ඒ තීන්දුව නොලැබුනා නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබිණි.

අප හඹා යන්නේ ලකුණු 154ක ඉලක්කයකි. ජාතික තලයේ ක්‍රීඩකයින් 05 දෙනෙක් ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියේය. නිශාන් මධුෂ්ක, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක මේ අතර ප්‍රමුඛය. ප්‍රමෝද් මධුෂාන් සංචිතයට එක් වන්නේ පකිස්තානයෙන් ගුටි කෑ එක්දින ජාත්‍යාන්තර තරගාවලියේ ශ්‍රි ලංකා වේග පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කරමිනි.  ලසිත් කෲස්පුල්ලේ සහ නුවනිඳු ප්‍රනාන්දු  ද ජාත්‍යාන්තර අත්දැකීම් ලබා ඇත්තේය.

පකිස්ථාන කණ්ඩායමේ එවැනි ක්‍රීඩකයින් සිටියේ තිදෙනෙකි. නායක මුහමඩ් ඉෆ්රාන් ඛාන් සැලකිය යුතු ලෙස ජාත්‍යාන්තර තරග අත්දැකීම් ලැබූවෙකි. , සර්ෆියන් මොකීම් ද එසේය.   අහමඩ් ඩැනියෙල් තරග දෙක්ක ක්‍රීීඩා කළේය. මේ වාතාවරණයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම මෙම අවසන් පූර්ව තරගය පහසුවෙන් ජයගනු ඇතැයි තක්සේරුවක් ක්‍රීඩා ලෝලීන්ට තිබිණා.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ලකුණු 154කි. පකිස්ථාන කණ්ඩායම හය වෙනි පන්දු ඕවරය වනවිට කඩුළු 05ක් දැවී ලකුණු 62ක් ලබා සිටි අවස්ථාවක් පසු කළේය. එහෙත් ඔවුන් පන්දු ඕවර 20 තුළ ලකුණු 154ක් ලබා ගත්තේය. ප්‍රමෝද් මධුෂාන් ලකුණු 29කට කඩුළු 04ක්, ට්‍රවින් මැතිව්ස් ලකුණු 22කට කඩුළු 03ක් ලැබුවේය. මිලාන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් ලදහ.

පකිසථාන ලකුණු 154ක සීමාවට රැගෙන ඒමට කඩුළු රකින ක්‍රීඩක ඝාසි ඝෝෂ් සමත් වූයේ හුදලකලා සටනක යෙදෙමිනි. ඔහු ලකුණු 39ක් නොදැවි ලබා ගත්තේය. ඒ පන්දු 36කිනි.

ලකුණු 154 හඹා යාම ජාතික කණ්ඩායමේ ඡායාවක් බඳු ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසුවක් නොවනු ඇති බවට පුරෝකථන කෙරිනි. ලබා ගත් ආරම්භය අනුවත් හිතුවේ එවැන්නකි. ලසිත් කෲස්පුල්ලේ ඉනිම ආරම්භ කරමින්  පන්දු 07ක දී ලකුණු 27ක් ලැබුවේය. හයේ පහර 03කි. හතරේ පහර 7කි. පන්දු ඕව  ශ්‍රී ලංකාව ලබා ගත් ආරම්භය අනුව බොහෝ දෙනා හිතුවේ තරගය පන්දු ඕවර 15කින් නිමාවනු ඇති බවය.      තරගයේ 4 (3.2)වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දී කඩුලු 2ක් දැවී ලකුණු 45කි .

එහෙත් අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුනේය. කඩුළු ගැලවුනේ පෙරහර යන්නා සේය. නිශාන් මධුෂ්ක ලකුණු 06කට දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඉන් පසු  නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 05කි. සහන් ආරච්චිගේ ලකුණු 05කි. දුනිත් වෙල්ලාලගේ ලකුණු 02කි. රමේෂ් මෙන්ඩිස්ගේ කඩුල්ල කුඩු වුනේය. ලකුණු ලබා ගත්තේ නැත. ප්‍රමෝද් මධුෂාන් ලකුණු 07කි. , ඒ හේතුවෙන් එක් අවස්ථාවක ලකුණු පුවරුව දැක්වූයේ 14(13.2) පන්දුවාරය ක්‍රීඩාකරද්දී ලකුණු 99ට කඩුලු 8ක් බිඳවැටෙන තරමට ශ්‍රී ලංකා කණ්ඩායම අසරණය.

මිලාන් රත්නායක තරගය ගෞරවාන්විතව නිමා කිරීමේ වගකීම තම අතට ගන්නේ ඉන් පසුවය. ඔහුට කඩුළු අතර ලකුණු හුවමාරු කරගැනීම සදහා විශ්වාසවන්ත සහායකයෙක් නැත. අනෙක් පැත්තේ ඉන්නේ  ට්‍රෙවින් මැතිව්ස්ය. එසේ තිබිය දී ලබා ගතහැකිව තිබූ ලකුණු 01 සහ 02 මගහරිමින් මිලාන් රත්නායක විශිෂ්ට පිති හරඹයක් දියත් කළේය. අවසන් මොහොතේ තුන්වන පන්දුව තෙක් රැඳී සිටිමින් මිලාන් ලකුණු 40ක් රැස් කළේය. ඒ හත්රේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමගිනි.   9වන කඩුල්ලට මිලාන් රත්නායක හා ට්‍රැවීන් මැතිව් ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගුවේය.

ඒ හේතුවෙන් අවසන් පන්දුවාරයේ දී ලකුණු 15ක් රැස්කරන තරමට ඉලක්කයට ශ්‍රී ලංකාව ළංවිය.

එම පන්දුවාරයේ දී හතරේ පහරක්ද එල්ල කළ මිලාන්, පන්දු 4කින් ලකුණු 8ක් රැස්කරන තරමට ශ්‍රී ලංකා ඉනිම ත ජය දෙසට තල්ලු කළේය.

කෙසේ නමුත් කඩුල්ල මුවාකිරීමේ මතභේදාත්මක විනිසුරු තීරණයකින් ඒ වනවිට පන්දු 32කින් ලකුණු 40ක් රැස්කරගෙන සිටි මිලාන්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

එම විනිසුරු තීරණය ක්‍රියාත්මක නොවුණානම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.

නැගී එන තරු ටිකත් අවසන් පූර්ව වටයෙන් පසු එළියේ ය. බංගලාදේශයට ඊයේ පරාජය වන්නේ ඉන්දියාවේ තුන් වැනි පෙළ කණ්ඩායමකි. අයිපීඑල් වීරයන් ටිකකි. පළමු පෙළ කණ්ඩායම මෙන්ම දෙවැනි පෙළ කණ්ඩායම ද විදේශ සංචාරවලය.  ජාතික තලයේ ක්‍රීඩකයින් හත් දෙනෙක් සහිතව ක්‍රීඩා කරන අපට නැගී එන ආසියානු කුසලානයවත්  දිනා ගන්නට හැකි වනු ඇතැයි සිතුනේ ඒ නිසාය.

දැන් ඒ කාතව ඉවරය. පකිස්තානය සහ බංගලාදේශය ආසියානු නැගී එන ශූරයින්ගේ ශූරතාවය වෙනුවෙන් හෙට (23) දෝහා වලදී තරග වැදීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකය ඉදිරියේ රෙද්දේ මළපහ කරගෙන පේජ් කාරයින් හරහා එදත් සූරයා අදත් සූරයා රඟපාන්නට යෑම…

Next Post

ලංකාවේම ප්‍රාදේශීය ලේකම්වරු අද කොළඹට!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.