සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය ඉදිරියේ රෙද්දේ මළපහ කරගෙන පේජ් කාරයින් හරහා එදත් සූරයා අදත් සූරයා රඟපාන්නට යෑම…

by editor
නොවැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පකිස්ථානයේ දී අප ලබන්නේ කාලකණ්ණි ක්‍රිකට් අත්දැකීමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් වීරයින්ගේ  බියසුළු බව, ආත්මාර්ථකාමීකම තුළ ගැබ්වුන වගකීම් රහිත මනුෂ්‍ය ලිලිපුට්ටන් මැච් පරදිනවාට වඩා වේදනාවක් ඇති කළේය. බට්ටේක්  පත් වුනත් තැතිගන්නා බියසුළු  නිවට කම ප්‍රශ්න කළේ ක්‍රීඩාවෙන්  එපිට ඇති ජාතික වගකීම් සහිත තානාපති පෞරුෂයේ සෝදාපාලුවය. 

සැබෑය.  සිද්ධියක් වුනේය. ඉන් පසු අවදානමක් සහිත සියලුම ප්‍රවේශයන් සම්පූර්ණයෙන් වසා දමා ආරක්ෂාව සහතික කළ බව දෙරටේම ජනාධිපතිවරු කියද්දී අවසන් මොහොත වනතුරු ලංකාවට එන්නට හැදූ ක්‍රීඩකයින් කීප දෙනා මෙහෙයවා තිබුණේ මේ වනවිට ක්‍රීඩාව එළියේ සිට පාලනය කරනා ඔවුන්ගේ මැනේජර්ලා බවට දැන් තොරතුරු ලැබෙන්නේය.

පිත්තෙන් බෝලයට ගහන එක පමණක් ක්‍රිකට් ලෙස තේරුම් ගන්නවා සේම ක්‍රිකට් ධනෝපායන මාර්ගයක් ලෙස පමණක් දකින මේ නිවට පංචස්කන්ධ මේ වනවිට තමන්ගේ නපුංසක හැසිරීමත් පකිස්ථානයේ දී ලද අන්ත පරාජයත් වසා ගැනීමට ෆේස් බුක් පේජ් කාරයින්ට වියදම් කරමින් හෝදන හේදිල්ල බලන්නත් අප්පිරියා ය. විශේෂයෙන්ම ඒ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට කිව යුතුව තිබේ.  අර්ජුන රණතුංගට පසු පැමිණි හොදම නායකයා කියා ගන්නට සල්ලි වියදම් කර  කැම්පේන් කරනා අසලංකගේ පේජ් කාරයින්   කියන කතාවලට දෙකොනෙන් හිනා යන බව ඔහුට කිව යුතුව තිබේ.

අර්ජුන පට්ට අවුල් පොරක් වන්නේ ක්‍රිකට්වලින් එළියට පැමිණි පසුය. ඉතිහාසයේ අපට සිටි කැපී පෙනන ක්‍රිකට් නායකත්ව පෞරුෂයේ පදනම් කතා ගොඩ නැගෙන්නේ අර්ජුණ හරහාය.  අඩුම තරමින් 1996 ලෝක කුසලානය ගන්නා විට අසලංක ඉපදිලාවත් නැත. 2000ට පෙර මේ රටේ තිබුණ ක්‍රිකට් සංස්කෘතිය අසලංකලා දන්නේ නැතිනම් ෆේස් බුක් පේජ් කාරයින්ට ගෙවන්නට පෙර අඩුම තරමින් සනත් ජයසූරියගෙන්වත් අසා දැන ගත යුතුය.  ක්‍රිකට් නායකත්වයේ දී අර්ජුණ රණතුංග ඉදිරියේ චරිත් සලංකලා සෙරෙප්පුවල අඩියේ ඇති දුවිලි ය.  මෙවැනි අතිශයෝක්ති කතා කියා  ගන්නා වුන්ට කිව යුතු වන්නේ අර්ජුනට මෑත කාලයේ දී මෙවැනි අපහසායක් සිදු නොවුන බවය.

දසුන් නායකත්වය දැරූ පළමු එක්දින තරගයේ දී කුල්ල කුජීත වෙන්නට සිම්බන්ගෙන් ගුටි කෑවේය. මේ තරගයේ දී  ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටින යාවජීව සාමාජික මෙන්ඩිස් කුසල්  කවදාවත් ක්‍රිකට් නොගැසූ ගොබ්බයෙක් ලෙස දුවද්දී දැවී ගිය ආකාරය අප ඇස් පනාපිට දැක්කේය.  අප එය දරා ගත්තේය. ඒත් මේ ෆේස් බුක් පේජ් කාරයින් ලවා පිච් එක මැද සිදුවු ක්‍රිකට් විලි ලජ්ජාව වසා ගන්නට “ලය දැදුරු කරවමින් කඳුළු පනින කතා”  කියන  මෙන්ඩිස් කුසල්ගේ පේජ්කාර ඇඩ්මින්  හිතන්නේ මේ රටේ ක්‍රිකට් බලන්නේ මන්දබුද්ධික ගොබ්බයන් කියාය. ක්‍රීඩාව තුළ ඕනෑ තරම් වැරදි සිදුවිය හැකිය. ඒ වැරදි පිළි ගැනීමට තරම් උපේක්ෂාවක් ක්‍රීඩා ලෝලීන්ට තිබේ. එසේ  නොතිබුණා නම් කණ්ඩායමේ ගොඩක් උන් මේ වනවිට ලොවෙත් නැත.  මේ පේජ් ඇඩ්මින්ලාට ටාස්ක් දෙන මෙන්ඩිස් කුසල් ලා කියවා ගත යුත්තේ     අමු ගවයෙක් වී ලෝකයටම පෙනෙන සේ තමන් පිච්  එක මැද   සී සෑමෙන් පසු  ෆේස් බුක් පේජ් කාරයන් ලවා වට තිර අදින්නට  යෑම ක්‍රිකට් බලන අපට කළ හැකි ලොකුම අගෞරවය බවය. මේ අපුල දකින   ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙක් මේ වනවිට ඉන්නේ වමනය කරමින් බව ඒ ඇත්තන් දැන ගත යුතුය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

විස්සයි 20 කණඩායම තාවකාලිකව  මෙහෙයවන දසුන් ශානකට මෙන්ම “නැගී එන තරු කැකුළුවල” නායකත්වය දරන දුනිත් වෙල්ලාලගේටත් මේ කතාව වලංගුය. දුනිත් බොහෝ දුර ගමනක් යා යුතුය. එසේ  යා යුත්තේ ෆේස් බුක්වල පේජ් කාරයින් ලවා “හද සසල කරවන සංවේදී කතා” කියමින් දෙකේ කොලයට වැටී නොවේ. දුනියා ගැන මිනිස්සු දනිති. මේ පොඩි එකා රටක් වෙනුවෙන් විනයක් සහිතව රැක ගත යුතු සම්පතක් බව ක්‍රිකට් කරවන උන්ට වඩා ක්‍රිකට් බලන ක්‍රිකට්වලට ආදරය කරන උන් දනිති.  ඒ දුලබ සම්පත පේජ් කාරයින් ලවා සිල්ලර කර පේමන්ට එකේ තොරොම්බල් කිරීම මොකාට ආතල් වුනත් රටේ ක්‍රිකට්වලට ආදරය කරන අපට නම් ආතල් නැත.

තමන් ෆේල්වන විට,  ඒ ෆේල් වීම ලෝකය  යළි යළිත් දකින විට මානසිකව ශක්තිමත් වෙමින්  ක්‍රීඩා විලාශයේ දුර්වල තැන් යථාවත් කරගැනීමට කැපවීමට වඩා ප්‍රමුඛව ෆේස් බුක් පේජ් හරහා ගොඩයන්නට හැදූ ඉතිහාසයක් දසුන් ශානකට ඇත.  ඒ කාතව අදටත් ඇත්තය.  ක්‍රිකට් හැර අනෙක් හැම එකම ගසා මේ වනවිට කුජීත වී සිටින චාමික කරුණාරත්නට මෙන්ම ඇඟ පමණක් ඇති ක්‍රිකට් ගවයෙක්  ලෙස සිය අනන්‍යතාවය යළි යළිත් තහවුරු කරන භානුක රාජපක්ෂට ක්‍රිකට් බැරිනම් පේජ්  කාරයින් හරහා විහිළු නොකර  දෙයියන්ගේ නාමයෙන් ගහපු ටිකේ ගෞරවය තියාගෙන උපේක්ෂා සහගතවීම වැදගත්ය. වයසට ගිය පොඩි සනාටත් කිව යුත්තේ එය ය. පේජ්වලින් ක්‍රිකට් ගහන්නට බැරිය. මේවා දකින බොහෝ දෙනෙක් උඹලාගේ සිල්ලර වැඩවලට  කියන්නේ අනේ නොදකින් කියාය.

ක්‍රීඩා කෞෂල්‍යයේ තරම ලෝකය ඉදිරිපිටදීම තීරණය කරන්නේ ක්‍රිකට් තරග  ය. පරදින මැච් ගණන සහ මැච් පරදින ස්වරූපය ය.  පකිස්ථානය සමග එක් දින තරග තුන පැරදුනේය. අවුලක් නැත. ඉවසිය හැකිය. පරාදවුන ආකාරය මෙන්ම පරාජයට හේතු ද අප දුටුවේය.

පළමු විස්සයි විස්ස තරගයත් එසේය. සිම්බන්ගෙන් අමතක නොවන කෑමක් කෑවේ කජුවත්ත  එක්සත් කණ්ඩායමේ උන්ටත් වඩා පහළට බැස බැටින් ඉනින් එකේ කළ බුල නිසාය.  එයත් ඉවසිය හැකිය.   ඉවසන්නට බැරි රෙද්දේ මළපහ කරගෙන පැමිණ පේජ්කාර ඇඩ්මින්ලා ලවා එදත් සූරයා අදත් සූරයා රඟපාන්නට යෑමය

මේ කතාව හරියටම කීවේ මාවන්ය. පසුගිය කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ දී විශේෂඥ විචාරකයෙක් ලෙස සිරස ටී.වී ආයතනයට පැමිණ හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු කී කතාව ඒ ආකාරයෙන්ම ලියා තැබීම හොඳය. ඔහු මේ කියන්නේ මේ මස 02 දා සවසය.

“අපේ ක්‍රීඩකයින් සමාජ මාධ්‍යයෙන් අපව එළියට ගන්න ඕන. මේ ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය තහනමක් දෙන්න ඕන යම් කිසි කාලයකට. මොකද Concentrate කරන්න ක්‍රිකට් එක ගැන.  ඒක කරන්නේ නැනිනම් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න ඕන. මේ පච්චයි කරාබුයි ගැලෙව්ව කියලා අපේ ක්‍රිකට් ඉස්සරහට යන්නේ නෑ. “

“මොකද ක්‍රිකට් එකේ කැප්ටන් වෙනවා නම් සමාජ මාධ්‍යයෙන්, ටීම් එකට යනවා නම් සමාජ මාධ්‍යයෙන් හයේ ඒවා ගහනවා නම් ඒක Apply වෙන්නෙ නෑ Ranking වලට. ඒක අපට කිසිසේත් උදවු වෙන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න.

ඒක (සමාජ මාධ්‍යය ) වෙනම Subject එකක්. ඒක එයා Retide උනාම කරගන්න. මේක ඍජුවම ලංකාවෙ ක්‍රිකට් ගහන්න ඔයා වාසනාවන්ත වෙලා තියනවා. ඔයාට ඒකට ගානක් ගෙවනවා. සැලකිය යුතු ගානක් ගෙවනවා සාමාන්‍ය ජීවිතවලට වඩා සැපවත් ජීවිතයක් ගත කරන්න.

ඒකටවත්  අඩුම ගානේ ගරු කරලා සාධාරණයක් කරන්න කරන ක්‍රීඩාවට තමන් ක්‍රීඩා කරන කාලය ඇතුළත.

මීට වඩා දෙයක් නැත. මාවන් ඒ කතාව කියන හැටිත් අහගෙනම යන්න..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උදේ පළාත් කීපයකට තද මීදුමක්.. සවස 1 න් පසු මහ වැසි…

Next Post

නැගී එන තරුත් පකිස්ථානය ඉදිරියේ බැස ගියේය…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.