අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදා 74 වැනි සංවත්සරය අද – නාවික භටයන් 2138කට උසස් වීම්

by Lankasara News
දෙසැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරයට සමගාමීව විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 2138 ක් 2024 දෙසැම්බර් මස 09 වැනි දින (අද සිට) ඊළඟ තරාතිරමට උසස් කර ඇත . නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිර්දේශය මත සිදු කෙරුණු මෙම උසස්වීම්වලට අනුව සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406 ක්ද උසස් කර ඇති අතර සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539 ක්ද උසස් කර ඇත.

එසේම සමූහ ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 354 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 11 ක්ද වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2138 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය ‍2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 74 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

2024 දෙසැම්බර් මස 09 වැනි දින අභිමානවත් 74 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අතර, මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1939 වර්ෂයේදී ස්ථාපිත කිරීම මඟින් සිදුවී ඇත. 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින්, එවකට රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවයේ සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් ගෙන් සහ නාවිකයන් ගෙන් සමන්විතව, 1950 දෙසැම්බර් මස 09 වැනි දින ‘රාජකීය ලංකා නාවික හමුදාව’ ස්ථාපිත කිරීම මඟින්, මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්‍ෂකයා ලෙස විශේෂ වගකීමක් ඉටු කරමින් දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ බවට පරිවර්තනය විය.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

1980 දශකයේ මුල් භාගයේදී මෙරට උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන්, එතෙක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූළ නාවික හමුදා භූමිකාවෙන් සංග්‍රාමික භුමිකාව වෙත පරිවර්තනය වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, එතැන් සිට ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් පිරිස් බලයෙන් හා යුදමය ශක්‍යතාවයෙන් ක්‍රමිකව වර්ධනය විය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, වර්තමානයේ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා මෙන්ම, සාගර කලාපයේ ආරක්‍ෂාව සඳහා බලපාන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා, මෙන්ම, ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සමඟ සන්ධාන ගතවී ජාත්‍යන්තර මුහුදේ නීතිමය භාවීතය ප්‍රචිලිත කිරීමේ සහ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරිමේ මෙහෙයුම් සඳහා දායකවේ.

එමෙන්ම, ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යය සාධක බළකාය වෙත 2025 වර්ෂයේ ජනවාරි මස සිට මාස 06 ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අණදීමට නියමිතව ඇත. එලෙස 154 වැනි කාර්යය සාධක බළකාය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවට අණදීමට අවස්ථාව උදාවීම, නාවික හමුදාව වසර 74 ක් පැමිණි දිර්ඝ ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන අතර, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් ගෙන දීමට ද එමඟින් නාවික හමුදාව වෙත අවස්ථාව උදාවනු ඇත.

දේශිය ජලතීරයෙන් ඔබ්බට, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා එලෙස මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රමිකව වෙනස් විය යුතු ආකාරය පිළිබඳ විද්‍යාණුකූල ක්‍රමවේදයකට අනුව සකස්කල උපාය මාර්ගික සැළැස්ම 2030 ක්‍රියාවට නංවා ඇති නාවික හමුදාව, සම්පත් හා පිරිස් බලය උපරිම ශක්ති ප්‍රමාණයෙන් යොදවමින් දේශයේ සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කරගැනීම උදෙසා කැපවී සිටියි.

Share69Tweet43
Previous Post

පිස්තෝලයකින් වෙඩි තබා ගම්පහ දී පුද්ගලයෙක් ඝාතනය කරයි…

Next Post

මන්ත්‍රි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ රිය පදික මාරුවක් මත කාන්තාවක් බිලි ගනී

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.