දිනසේන රතුගමගේ –
වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 70 දෙනෙකු දින 21 ක නිරෝධායන කටයුතු ඉතා සාර්ථක ලෙස නිමවා කිළිනොච්චිය ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට 6 දා ආපසු ඔවුන්ගේ කදවුර බලා පිටත්ව යන ලදී.
මේ පිරිස නිරෝධායනයට ලක් වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කිළිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේදිය.
නාවික හමුදාවේ මේ පිරිස නිරෝධායනයෙන් පසුව ආපසු පිටත්ව යන මොහොතට කිළිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් රොහාන් පතිරණ මහතා ඇතුලුව ගුවන් හමුදාවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
Discussion about this post