පසුගියදා අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව මත්දුව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන බඩෝවිට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු මේ වන විට ඉන්දියාවට පළාගොස් ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ.
බෝට්ටුවක නැගී ඔහු ඉන්දියාවට පළාගොස් ඇත්තේ මන්නාරම් ප්‍රදේශයෙන් බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැයකර ඇති බවටත් එම තොරතුරුවල සදහන්ය.
මේ වනවිට බන්ධනාගාර ගතව සිටින මත් ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගේ සමීපතම සගයකු වන මෙම ඡාවාරම්කරුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු පදිංචි නිවසට කිහිප විටක්ම කඩා වැදුණි. ඒ අනුව මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් ඔහුට අයත් සුඛෝපභෝගී ජිප් රථයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.
ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලදාරීන්ගේ මෙතෙක් හෙළි නොවූ තවත් ඡාවාරම් රැසක තොරතුරු දැන ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම ඡාවාරම්කරු ඉන්දියාවට පළාගොස් ඇතිබවට යම් තොරතුරක් ඇතත් ඒ සම්බන්දයෙන් තවදුරටත් සොයා බලමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය