ජා ඇල පොලිස් වසම තුළ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් ගමන් ගත් මෙවර මහා මැතිවරණයට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ රථ පෙළපාලියක් නතර කරන ලෙස මැතිවරණ කොමිසම විසින් දෙන ලද උපදෙස් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජා- ඇල පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීමක් ලබාබදීමට හේතු වූ බව පොලිස් කොමිසම පවසයි.
පසුගිය පාර්ලිමේනුතව නියෝජනය කළ අමාක්‍යවරයුක වන මෙම අපේක්ෂකයා ජා ඇල ප්‍රෙද්ශයේ මැතිවරන නීති උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කරන බවට මැකිවරණ කොමිසම වෙත එම ප්‍රෙද්ශයෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව මැතිවරණ කොමිසමේ නියෝජිතයන්මෙම පෙළපාලිය නතර කරන ලෙස ජා ඇල පොලිස් ස්ථානාධිපතිවරයාට දන්වා තිබේ.
ඔහු එම කාර්යය පැඑැහ හැර ඇති බවට මැතිවරණ කොමිසම ලිඛිතව ජාතික පොලිස් කොමිසම වෙත දැනවීමෙන් අනතුරුව මෙම සථාන මාරුව ලබා දී ඇත.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් රාජකාරි පැහැර හැරීමක් කර ඇති බවද පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිය විනයානුකූල පියවර ගන්නා බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසර ට පැවසීය.