අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ කොරෝනා රෝගීන් අඩකට වගකිව යුතු අංක 206 රෝගියා මාධ්‍යයට කීව දේ..

by Lanka Sara Editor
ජූලි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව පුරා ව්‍යාප්ත වී ඇති covid-19 වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලංකාව තුළ මේ වන විට වාර්තාවී ඇති සිද්ධීන් 2600කට අධික සංඛ්‍යාවකින් හරි අඩකට පමණ වගකිවයුත්තා ලෙස සැලකෙන, මාස ගණනක් තිස්සේ නිර්නාමිකව සිටි ඔහුගේ නම දැන් අනාවරණය වී තිබේ. ඔහු, ප්‍රසාද් දිනේෂ් ය.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුමේ නිරත ආරක්ෂක නිලධාරීන්ට ඔහුගෙන් කොරොනා වෛරසය ව්‍යාප්ත වීම කෙසේ වෙතත් දිනේෂ් දැන් සිටින්නේ මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බවට පැතිර යාම පිළිබඳ ඔහු වසාගත් කළු පැල්ලම මකා දැමීමට නොහැකි ව ය.

33 හැවිරිදි දිනේෂ් අප්‍රේල් මාසයේ දී නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව වෛරසය වැළඳී ඇති බව හෙළි විය. ශ්‍රී ලංකාවේ නව කොරෝනා වසංගත පාලනය සඳහා මූලිකව කටයුතු කළ ආරක්ෂක හමුදා කාර්ය සාධක බලකායේ කණ්ඩායමක් ලෙස නාවික හමුදා භට පිරිසක් දිනේෂ්ගේ ගමට යවා තිබුණි.

නාවික භට පිරිස දිනේෂ් ඇසුරු කළ අය සොයා නිරෝධායනය සඳහා බල කිරීමට උත්සාහ කළ විට, එම ප්‍රදේශයේ ඇති වූයේ අවුල් සහගත තත්ත්වයකි. කෙසේ හෝ වේවා ඉන් අනතුරුව සිදුවීම් දාමයක් සිදු වූ අතර ප්‍රතිඵලය වූයේ අතිරේක කොරෝනා වයිරස් ආසාදිතයක් 1,100 ක් පමණ ඇතිවීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙලෙස එකවර වෛරසය ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීම පිළිබඳ නිලධාරීන් ප්‍රකාශ කළේ, ඒ සියල්ලම තනි පුද්ගලයෙකුගෙන් ව්‍යාප්ත වූවක් බවයි. එනම් එම ආසාදිතයින් සියලුදෙනාටම වෛරසය වැළඳීමට හේතු වූ පුද්ගලයා දිනේෂ් බවයි.

‘206 වැනි රෝගියා’ ලෙස පමණක් සඳහන් කරමින් රජයේ නිලධාරීන් දිනේෂ්ට රූපවාහිනියේ සහ සමාජ මාධ්‍යවල දෝෂාරෝපණය කළේ ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ආසාදිතයන් රැසක් බිහි වීම නිසයි. අවම වශයෙන් කොරෝනා වෛරස් පොකුරු තුනක් වත් ඔහුට මෙලෙස දොස් පවරන්නට ඇත. කොළඹට සැතපුම් 12 ක් පමණ උතුරින් පිහිටි ජා-ඇල මෙම කොරෝනා පොකුරු වර්ධනය විය.

කෙසේවෙතත්, දිනේෂ් පවසන්නේ ශ්‍රී ලංකාවේ අපරාධයක් ලෙස සැලකෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ම තමා පහසු ගොදුරක් බවට මෙහිදී පත් වූ බවයි.

“නාවිකයින් ඇතුළු බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය කිරීමේ වගකීම මගේ බව මට පිළිගන්න බෑ”

දිනේෂ් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වෙත එලෙස පැවසුවේ මාසයක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබා නේවාසිකව රැඳී සිට සුවය ලබා නිවස කරා පැමිණීමෙන් පසුවයි.

වසංගතය ශ්‍රී ලංකාව පුරාම පැතිර ලොක්ඩවුන් කිරීමට පෙර දිනේෂ් ටැක්සි රියදුරෙකු ලෙස සේවය කළේය. නමුත් දැන් ඔහුට රැකියාවක් සොයාගත නොහැකි වී ඇත.

“මම 206 රෝගියා බව දැන ගත් විට කිසිවෙකු රැකියාවක් දෙන්නේ නෑ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබුණේ COVID-19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට දිනේෂ් විසින් බාධා පැමිණවූ බවයි. “ඔහු හැරවුම් ලක්ෂ්‍යය වුණා වගේම අපේ රටට විශාල හානියක් කර තිබෙනවා”.

බලධාරීන් පවසන්නේ අප්‍රේල් 5 වන දින දිනේෂ් සොරකමක් සම්බන්ධයෙන් ගමේ වැසියන් විසින් අල්ලා පොලිසියට භාර දුන් බවයි. හෙරොයින් මිල දී ගැනීම සඳහා විකිණීමට හැකි පොල් ගෙඩි සොයා ගැනීමට තමා සහ අනෙක් අය අසල ගමක නිවසකට කඩා වැදුණු බවට දිනේෂ් කියයි.

පොලිස් ස්ථානයේ දී දිනේෂ්ට උණ ගතියක් මතුවී කකුලේ ආබාධයක් ද ඇතිව තිබ. එම නිසා බලධාරීන් ඔහු අසල පිහිටි රෝහලකට ඇතුළත් කළ අතර එහිදී ඔහු කොරෝනා පරීක්ෂාවක් කර වයිරසය ඇති බවට තහවුරු වීම නිසා දින 31 ක් රෝහලේ රැඳී සිටියේය. දිනේෂ් අත්අඩංගුවට ගත් පොලිසිය, දිනේෂ්ගේ මිතුරන් සහ ඔහුගේ අසල්වැසි පුද්ගලයින් 100 කට වැඩි පිරිසකට නිරෝධායනය කිරීමට නියෝග කරන ලදී.

නමුත් සෑම කෙනෙකුම ඊට එකඟ නොවීය. වෛරසය ජනාකීර්ණ ප්‍රදේශයක ඉක්මනින් පැතිරෙනු ඇතැයි යන බියෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සෞඛ්‍ය සේවකයින්ට උපකාර කිරීම සඳහා නැවියන් මෙහෙයුම සඳහා යවා ඇත. නැවියන් ළං වෙත්ම, දිනේෂ්ගේ මිතුරන් කිහිප දෙනෙක් භීතියට පත් වූහ.

“ඔවුන් ගස් නගිනවා, ඔවුන් වැටවල් උඩින් පනින්න උත්සාහ කළා, ඇළකට පනින්න හැදුවා” යැයි හිටපු නාවික හමුදාපති සහ covid වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායේ සාමාජික අද්මිරාල් ජයනාත් කොළඹගේ, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම පිළිබඳ පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රජාවෙන් අත්අඩංගුවට ගෙන නිරෝධායනය කරන ලද පුද්ගලයින් 28 දෙනාගෙන් 16 දෙනෙකු ධනාත්මක බව පරීක්‍ෂාවෙන් දැනගන්නට ලැබී ඇත. සති දෙකකට පසුව, මෙහෙයුමට සම්බන්ධ සමහර නැවියන් ද වෛරසය ධනාත්මක බව තහවුරු විය.

නාවික හමුදා සාමාජිකයන් මෙහෙයුමෙන් පසු දින 21 ක් නිරෝධායනය කරන ලද ආරක්ෂක ආම්පන්න සහිත මනා පුහුණුව ලත් භට පිරිස් යොදවා ඇති බව නවික හමුදාව ප්‍රකාශ කර තිබුණි.

covid-19 වෛරසය ආසාදනය වූ පළමු නැවියා අප්‍රේල් 22 වන දින වාර්තා විය. ඔහු කොළඹ සිට සැතපුම් 140 ක් ඊසාන දෙසින් පිහිටි නගරයක නිවාඩු ලබා ගොස් තිබුණි. එමගින් පළාත් සෞඛ්‍ය නිලධාරීන්ට අවට ගම්මාන 12 ක් හුදකලා කිරීමට සිදුවිය. ඊළඟ දවසේ තවත් නැවියන් 30 දෙනෙකු ධනාත්මක බවට PCR පරීක්‍ෂණ තහවුරු කළේ ය.

මෙහෙයුමෙන් පසු නිවාඩු ලබා සිටි නාවිකයින් රටේ විවිධ ප්‍රදේශවලට යාම නිසා වෛරසය පැතිරීමත් සමඟ බලධාරීන් කළේ හමුදාවේ සියලුම ශාඛාවලින් හමුදා කඳවුරුවලට නැවත පැමිණෙන ලෙස සිය සාමාජිකයන්ට නියෝග කිරීමයි.

එක් කඳවුරක් තුළ නාවික නාවිකයින් 4,000 ක් පමණ නිරෝධායනය කර ඇති අතර ඥාතීන් 200 කට වැඩි පිරිසක් නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන ලදී. සති දෙකක් පමණ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අවම වශයෙන් ගම්මාන 15 ක් හුදෙකලා වූ අතර තවත් 1,300 ක් පමණ ස්වයං නිරෝධායනයකට භාජනය විය.

කෙසේවෙතත්, දිනේෂ් පවසන්නේ ඔහු තවදුරටත් එම කුඩ්ඩන්ගේ කණ්ඩායම් ලෙස අපකීර්තියට පත් වූ පිරිස අතර නොවන බවයි. කොරෝනා වයිරසය ආසාදනය වීමේ එක් වාසිදායක ප්‍රතිඵලයක් වූයේ රෝහල් ගතවීම නිසා ඔහුගේ හෙරොයින් පුරුද්දෙන් මිදීමට එය උපකාර කළ බවයි.

“මම දැඩි ලෙස ඒකට ඇබ්බැහි නොවීම නිසා මුදල් ගොඩක් වියදම් වෙන එක ගැන ප්‍රශ්නෙකුත් නෑ ” ඔහු පැවසීය.

“මම දැන් [මත්ද්‍රව්‍ය] සම්පූර්ණයෙන්ම අත්හැරියා,” ඔහු පැවසීය.

“මම සිගරට් බොන්නේවත් නැහැ. මම හැමවෙලාවෙම දැන් මගේ දරුවන් දෙදෙනා එක්කයි ඉන්නේ. එයාලා එක්ක සෙල්ලම් කරනවා. එහෙම තමයි දැන් ඉන්නේ. දැන් මට සනීපයක් දැනෙනවා.”

 

 

(ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් කළ සංවාදය උපුටමින් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පළකළ ලිපිය ඇසුරින් සකස් කරන ලද්දකි.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘ලංකාවට ආපු තුර්කි ෆෙටෝ ත්‍රස්තයන් ගැන විමර්ශණවලට රාජ්‍ය බුද්ධි සේවය කකුලෙන් ඇද්දා’

Next Post

‘නාකොටික්’ නිලධාරීන් සමඟ ‘ඩීල්’ දැමූ බඩෝවිට කුඩ්ඩා ඉන්දියාවට පනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.