අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය කළඹමින් දකුණු අප්‍රිකාව පුරා හමා යන මාරක කොවිඩඩ් රැල්ල ඇති කළ  “ඔමික්‍රෝන්“  කවුද?

by Lanka Sara Editor
නොවැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව පුරා පැතිරී යන විකෘති වෛරස් ප්‍රභේදයකින් පසුගිය දින දෙක තුළ ලෝකයම තිගැස්සුනේය. මෙම ප්‍රභේදය නම්  හඳුනාගෙන තිබුණේ  B.1.1.529  ලෙසය. පසුගි  24 වැනි දා  ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත මේ කොවිඩ් මාරකය  වාර්තා කරන ලද්දේ  දකුණු අප්‍රිකාවෙනි.

අවදානම් සහගත වෛරසය ප්‍රභේදයක් ලෙස හඳුනා ගත් මෙම වෛරස ප්‍රභේදය දැන්   ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රෝන් ( Omicron ) ලෙස නම් කර තිබේ. ග්‍රීක අක්ෂර පදනම් කරගෙන මෙම නාම කරණය සිදුකර ඇත. ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් ග්‍රීක අක්ෂර වලට අනුව නාම කරණය කළ පස්වන කොරෝනා වෛරස ප්‍රභේද වේ.

ඔමික්‍රොන් ගැන විශේෂ සමාලෝචනයක්  හා තක්සේරුවක්  සඳහා කොවිඩ් වෛරසය හෙවත් SARS-CoV-2 වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම (TAG-VE)   ඊයේ (26) රැස්වුනේය. මෙම නාමකරණය සිදුවූයේත් ඒ අවස්ථාවේදී ය.

TAG-VE ලෙස හඳුන්වන මෙම විශේෂඥවරු   SARS-CoV-2 හි පරිණාමය කාලානුරූපව නිරීක්ෂණය කරන සහ ඇගයීමට ලක් කරන සහ විශේෂිත විකෘති සහ විකෘති සංයෝජනවල හැසිරීම් වෙනස් කරන්නේ දැයි තක්සේරු කරන ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් වෙති.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔවුන්ට අනුව දකුණු අප්‍රිකාවේ වසංගත රෝග තත්ත්වය ප්‍රබලව වාර්තා වූ අවස්ථා වලදී වෙනස් උච්ච අවස්ථා තුනක් නිරීක්ෂණය වී තිබිණි.  එම ආසාදනයන්   ඇති කළ  එක් ප්‍රභේදයක් වූයේ ඔමික්‍රෝන්ය.

ප්‍රථම වරට තහවුරු කරන ලද ඔමික්‍රෝන් ( Omicron )    ආසාදනය වාර්තා වන්නේ පසුගිය 09 වැනිදා එකතු කරගත්  නියැදියකිනි. මෙම ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ මෑත සතිවලදී  කොවිඩ්  ආසාදන දැඩි ලෙස වැඩි වී ඇති බව වාර්තා  වූ බව ඔවුන් නිරීක්ෂණය කර තිබිණි.

මෙම ප්‍රභේදයට විකෘති විශාල සංඛ්‍යාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරු පවසති .    අනෙකුත් කොවිඩ් වෛරස ප්‍රභේද වලට සාපේක්ෂව මෙම ප්‍රභේදය සමඟ නැවත කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව මූලික  පරයේෂණවලින් තහවුරු වන ආකාරය ඔවුහු පෙන්වා දෙති.

මෙම ප්‍රභේදය අසාදිත  රෝගීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ වැඩිවෙමින් පවතින බව දිගින් දිගටම වාර්තා වේ.

මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජපානය, ඊශ්‍රයලය ඇතුලු රටවල් රැසක් මේවන විටත් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ පැමිණීම සීමා කිරීමට පියවරගෙන ඇත.

මේ අතර ඇමරිකාවේ බෝවන රෝග පිළිබඳ විශේසඥ වෛද්‍ය ඇනත්නී ෆවුචි දේශ සීමා වසා දැමීමට හදිසි වියයුතු නැති බවට පවසා සිටියදී ඊයේ රාත්‍රියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද දකුණු අප්‍රිකාව සහ තවත් ඊට ආසන්න රටවල් අටක සිට පැමිණෙන සංචරකයින්ට රටතුළට ඇතුලු වීම වළක්වා එළැඹෙන සදුදා සිට දේශ සීමා වසා දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔමික්‍රෝන් ( Omicron ) සම්බන්ධව  අධ්‍යයන ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්,   මෙම ප්‍රභේදය ඇගයීම විශේෂඥවරුන් විසින්  දිගටම කරගෙන යන බවත්    නව සොයාගැනීම් සාමාජික රටවල් සමග බෙදා ගන්නා අතර  අවශ්‍ය පරිදි මහජනතාවට සන්නිවේදනය කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිය පාසල්  විෂය මාලාවට….

Next Post

අය-වැය දෙවන වර කියැවීමට ඡන්දය නුදුන් විජේදාසට සහ විදුරට විනය පරීක්ෂණයක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.