දිනසේන රතුගමගේ
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (21) ආරම්භ වූ අතර පලමු පූජාව සඳහා බැතිමතුන් ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
නල්ලූර් කන්දසාමී කෝවිල වෙනුවෙන් විවිධ හේතූන් මත බාර හාර වූ බැතිමතුන් විශාල පිරිසක් පලමු පූජාවට සහභාගී වූ අතර ඔවුහු සිය බාරහාර ද ඔප්පු කරනු ලැබූහ.
මෙවර නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 800කට වඩා සේවයේ යොදවා ඇති අතර විශේෂිත කැමරා 28 කින් නල්ලූර් කෝවිල් භූමියම ආවරණය කොට තිබේ.
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය සැප්තැම්බර් මස 15 වෙනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා යාපනය නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මකය.