දිනසේන රතුගමගේ –
යාපනය නල්ලූර් කෝවිලේ ප්‍රධාන බාරකරු වශයෙන් වසර 57 ක් සේවය කළ කුමාරදාස මප්පාන මුදලියාර් කුරුක්කල්වරයා ඊයේ (9) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ශෝක පණිවුඩයක් නිකුත් කොට තිබේ.
මියයන විට 92 වෙනි වියේ පසු වුණු කුරුක්කල්වරයා 1929 ජනවාරි 15 වන දින ඉපදී තිබේ.
නල්ලූර් කෝවිලේ දසවන ප්‍රධාන කුරුක්කල් ධූරයට 1964 දෙසැම්බර් 15 දා පත් වූ මොහු ඉතා දීර්ග කාලයක් එම තනතුරේ සේවය කළ එකම කුරුක්කල්වරයා ද වෙයි.
ආදාහන කටයුතු 11 දා යාපනයේදී සිදු කිරීමට නියමිතය.