නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

නව ආණඩුව ගෙනාවෙ බඩගින්න නිවන්න මිසක් විකාර කරන්න නෙමෙයි...

සුජිත් හේවාජුලිගේ –  

ජනාධිපතිවරයා හිර කිරීමට ගෙන එන  ව්‍යවස්ථා සංශෝධනවලට තමා සහය නොදෙන  බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක  පැවසීය.

මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන නොව කුසට  ආහාර බව පැවසූ  හිටපු අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මිස වෙනත් දෙයකට නොවන බවද  ප්‍රකාශ කළේය.

ජනතාවගේ දුක නිවීමට සූදානම් නමුත් අලි නැවීමට නරි නෑවීමට  සූදානම් නැතැයිද  හෙතෙම පැවසුවේය.

අලූත් ව්‍යවස්ථාවකින් ජනපතිවරයා  සිරකරුවකුවන්නේ නම්  එවැනි ව්‍යවස්ථාවකට අත ඉස්සීමට සූදානම් නැතැයි  පැවසූ දිසානායක  සර්වපාක්ෂික ආණ්ඩුව  පිහිටුවා ගනු ලැබුවේ  පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට විනා වෙන වෙන විකාර  කිරීමට නොවන බවද  ප්‍රකාශ කළේය.

RelatedPosts

මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දෙන අවස්ථාවේදී සහ  කාන්තාවන් බේරේ වැවට  ඇද දැමූ අවස්ථාවේදී  මේ රටේ   ආරක්ෂක අංශ ක්‍රියා කරපු  ආකාරය ගැන  තමාට බරපතළ විවේචනයක් ඇතැයි  විමලවිර දිසානායක  වැඩිදුරටත් පැවසීය.

(ලංකාදීප) 

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT