බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු වාර්තාවක් නොවේ… මනුස්සකම ගැන කතාවක්!

by editor
මාර්තු 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහගේ සැමියා පහර දී මරා දැම්මේය. අප  ඒ චෝදනාව කරන්නේ බොහෝ සාක්ෂි ද සහිතවය. මරණය සිදුකරන්නේ ජනවාරි පළවෙනිදා ය.

ගල්කිස්ස උසාවියේ දී නඩුව ඇසෙන්නේය. ඊයේ (18) නඩුවේ දෙවැනි දිනය ය. නීතිඥ ගීත්ම ප්‍රනාන්දු සහ නීතිඥ රජී වසන්ත වෙල්ගම ඇය වෙනුවෙන් පෙනී සිටියහ. සත පහක මිලක් නොගෙන මිල කළ නොහැකි ඒ් මැදිහත් වීම ඔවුන් කරන්නේ මේ අසරණ ගැහැණිය සමග හුදකලා වුන සරසවි අධ්‍යාපනය ලබන යොවුන් දියණියන් දෙදෙනාගේ ජිවිත සාධාරණය වෙනුවෙනි. මේ සටහන තැබෙන්නේ නඩුව වාර්තා කරන්නටම නොවේ. තවමත් මේ රට මනුස්සකමින් නොසිස් බව කියන්නටය. ඒ මනුස්සකම් ඇත්තේ තොරොම්බල් කරන ජනප්‍රිය සමාජ දේශපාලන ප්‍රවාහ තුළ නොවන බව ජීවිත අත්දැකීමෙන් සහතික කරන්නටය.

දශක ගණනක් ජාතික පුවත්පත්වල රස්සාව කළ බොහෝ දැන හැඳුනුම්කම් සහිත මිත්‍ර සමාගමයෙන් සැදි ශ්‍රියානි විජේසිංහ ගැන මේ රටේ මාධ්‍ය සමාජය දනී. එහෙත් ඇයගේ සැමියා මහ මග පහර දී මරා දමා මාස තුනක් යනවිට මාධ්‍ය සගයින් කීප දෙනෙක් හැරුණු විට ඇය වටා සිටි බොහෝ දෙනෙක් නැත.

නීතියේ විධානය ආධිපත්‍ය පිළිබඳ කතා වැල් බයිලා බව කිව යුතුව තිබේ. නැති බැරි එකෙකුගේ ඝාතනයක් පාර අයිනේ මැරී වැටෙන බල්ලෙකුගේ මරණයට වඩා වෙනස් නැති බව මේ සිද්ධිය ඔසසේත් අපි සමාජයක් ලෙස අත් දකිමින් හිඳිමු. දෙහිවල පොලිසිය ඝාතනයක් ගැන කියැවෙන සැක සහිත සියලු තොරතුරු එකින් එක වසා දමා පාරේ යනවිට වැටී සිදුවුන හදිසි අනතුරකට ඝාතනනය ලඝු කර තිබිණි. දෙහිවල පොලිසිය මේ මිනිහා මරා දැමූ බවට සැක නිවසේ හිමිකාර නාවික හමුදාවේ හිටපු නිලධාරියා හෝ ඔහුගේ නීතිඥ බිරිය උසාවියට ගෙන්වා කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය දිශානතියට විමර්ශන මෙහෙයවා නොතිබිණි.

ඇය දෙහිවල පොලිසියේ මේ අකටයුත්ත පුරවැසියෙක් ලෙස පොලිස්පතිවරයාට ලියා තිබුණාය. ඒ ගැන වෙනම පරීක්ෂණයක් ඉල්ලා සිටියාය. ඒම ලිපියේ . එහි පිටපත් ජනාධිපතිවරයාට, මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාලට, නියෝජ්‍ය ඇමති සුනිල් වටගලට යවා යැව්වුවාය. වටගල කිව්වේ අමුතු පරීක්ෂණ අවශ්‍ය නැති බවය. ගෙදර මිනිස්සුන්ට මේ මරණය ලොකු සිද්ධියක් වුව ද පොලිසියට මේ සිද්ධිය එකක් පමණක් බවය. මනුෂ්‍යත්වය සහ ආදරය ගැන බයිලා කිව්වාට මුන් ඇවිදන මළමිනීවලට නොදෙවෙනි බව කිව යුතුව ඇත..

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ත්‍රී රෝද රථයක් හයර් කරමින් සිය පවුල පෝෂණය කළ සැමියා මරා දැමූ විට නඩු කීමට නොව,  ජීවත් වීමේ අර්බුදය ඉදිරියේ අසරණ වුන ශ්‍රියානිට නඩුව සඳහා වියදම් කළ හැකි මිලක් තිබුණේ නැත. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ් අවස්ථාවේ දී ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ගල්කිස්ස උසාවියේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්වන ගීත්ම ප්‍රනාන්දු සහ රජී වසන්ත වෙල්ගමය. මෙහිදී රජී ගැන යමක් සටහන් කළ යුතුය. මේ රටේ සහෘද ප්‍රජාවකට ආනන්දය ගෙනා “මේ තරම් සියුමැලිද කළුගල් ” ගීතය ලියූ ජනාධිපති සම්මාන ලාභී ගීත රචකයා රජීය. මනුෂ්‍යත්වය ලියැවෙන වචනවලට පමණක් සීමාවන බොහෝ කලාකරුවන් අතර මනුෂ්‍යත්වය ජීවිතයෙන්ම වරනැගූ රජීට ගැන ඇසෙන මෙවැනි මුල්ම කතාව මෙය නොවේ. මෙන්ම ගීත්ම යනු නිහඬවම මහා මානුෂික ව්‍යාපෘතියක් දියත් කර ඇති උතුම් මනුෂ්‍යයෙකි. මෑතක දී ඔහු සිය වියදමින් ඉන්න සෙවනක් නැති පවුලකට නිවසක් තනා දී තිබිණි. දෙනෝ දාහක් අතර උන් වැනි රත්තරන් මිනිස්සු හමුවෙති. ඔවුන්ගේ මැදිහත්වීම නොවන්නට මේ සැකකටයුතු මරණය පොලිස් බලය යටතේ වැළලී යන බව කිව යුතුව තිබේ.

මුලින්ම නඩුව කැඳවූ පසුගිය 04 වැනිදා පොලිසියේ නිරුවත උසාවිය ඉදිරියේ හෙළි කළ ගීත්ම සිදුවී ඇති අමානුෂික සිද්ධිය සාධක සහිතව උසාවිය හමුවේ තැබුවේය. ගල්කිස්ස අධිකරණය ඒ් අවස්ථාවේ දී මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නට නියෝග කළාය.

දෙවැනි නඩු දිනය යෙදී තිබුණේ ඊයේ දිනයේය. අධිකරණයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වීනිසුරුතුමියට ප්‍රකාශ කරන්නේ රටේ බරපතල අපරාධ සම්බන්ධව විමර්ශන පැවරී ඇති බැවින් මෙම විමර්ශනයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදවන ලෙසය. පොලිස්පති නියමයෙන් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් පවත්වන බව ද ඔවුන් අධිකරණයට දැන්වූහ.

ඒහිදී විනිසුරුවරිය ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වනු ලැබුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව විමර්ශනයකට වඩා වැදගත් විමර්ශන මොනවා ද යන්නය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය මෙම විමර්ශනය පිළිබඳ අධිකරණ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව ලබා දුන්නාය.

මේ අවස්ථාවේ දී නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණයට මෙසේ කියා සිටියේය.

” ස්වාමීනි මේ නඩුවේ පරික්ෂණ කටයුතු සඳහා මිය ගිය පුද්ගලයා වැටී සිටි නිවසේ හිමිකරුවන් සාක්ෂි ලබා දීම සඳහා උසාවිය වෙත කැඳවීම පොලිසි ක්‍රියා කර නෑ. . මෙය වහාම සිදුවිය යුත්තක්. ඒ් වගේම මේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් සාක්ෂි විභාග කිරීමම කළයුතුයි. සීසීටීවී දර්ශන මැකී යාමට පෙර එය කළ යුතුයි. ඒ නිසා ස්වාමීනි , සිද්ධිය සම්බන්ධ කරුණු විමසීම සඳහා ආසන්න දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව නඩුවේ නැවත විභාගය අප්‍රේල් 3වන දිනට නියම වූ අතර පොලිසියේ සාක්ෂි සටහන් කර ගැනීම ඊයේ සවස 2න් පසුව පැවැත්වීමට කල් තැබුණි.

සවස නැවත නඩුව විභාගයට ගැණුන අතර ඒ් අවස්ථාවේ දී දෙහිවල පොලීසියේ ස්ථානාධිපති අධිකරණයේ සිටියේ නැත. බැවින් නඩුව අප්‍රේල් 3වන දින නැවත කැඳවිමට තීරණය විය.

එකම විශ්වාසය අධිකරණය සම්බන්ධව පමණය. යුක්ති ඉටුකරදීම වෙනුවෙන් මිලක් නොගෙන සිය වෘත්තීය දැනුම කැප කරන ගීත්ම, රජී වැනි මිල කළ නොහැකි මනුෂ්‍යයින් ලබා දෙන ආවරණය ගැන පමණය. මෙවැනි සිදුවීම් අපට එක් ජීවිත යථාර්ථයක් පහදවන්නේය. එනම් ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් ආයාසයෙන් සම්බන්ධකම් නඩත්තු කිරීම තඹේකට වැදගත් නැති බවය. අවසානයේ දී ඉතිරි වන්නේ අතේ ඇඟිලි ගානට ඉතිරිවන සමීපතමයින් අතලොස්සකි. ජීවිතය වැය කළ යුත්තේ ඒ් මනුෂ්‍යයින් අතලොස්ස වෙනුවෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දු මාතර අධිකරණයට භාර වෙයි…

Next Post

අර්චුනාට පාරේලිමේන්තුව තුළ දින 08ක වාරණයක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.