ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්චුනාට පාරේලිමේන්තුව තුළ දින 08ක වාරණයක්!

by editor
මාර්තු 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට දින 08ක වාරණයක් පැනවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද ( 19)කටයුතු කළේය.

වාරණය පැනවූ දින 08 තුළ රාමනාදන් අර්චුනා විසින් පාර්ලිමේන්තුව තුළ සිදුකරනු ලබන කිසිම ප්‍රකාශයක් සජීවීව හෝ වෙනත් කිසිම ආකාරයකින් විකාශනය කිරීම සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යයන් වෙත නියෝග කරමින් මෙම වාරණය පනවනු ලැබුවේය.

මන්ත්‍රීවරයා දිගින් දිගටම සිදුකරන සදාචාර විරෝධී හැසිරීම පිළිබඳව කරන විශාල ප්‍රමාණයක පැමිණි ගැන සේම කථානායකවරයා විසින් නැවත නැවත ලබා දුන් අවවාද නොතකා පහත් ලෙස හැසිරීම හේතුවෙන් මෙම වාරණයය පනවා තිබේ.

එම වාරණය පනවමින් කතානායකවරයා මෙම ප්‍රකාශය නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ‌වෛද්‍ය රාමනාදන් අර්චුනා විසින් මෙම සභාව තුළදී සහ ඉන් පිටත දී විශේෂයෙන් ම සමාජ මාධ්‍ය භාවිතා කරමින් පුද්ගලයින් පුද්ගල කණ්ඩායම් හා විවිධ සංවිධානවලට එරෙහිව ඉතාම පහත් පෙළේ වචන භාවිතා කරමින් සිදුකරනු ලැබ ඇති සහ සිදුකරමින් ඇති, විවිධ මතභේදාත්මක සහ අවමන් සහගත ප්‍රකාශ හේතුවෙන් පුද්ගලිකව විවිධ පුද්ගලයින්ට සහ විවිධ සමාජ හා ජන කණ්ඩායම්වලට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබද මා වෙත විවිධාකාරව කරන පැමිණිලි ගැන මේ සභාවට පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

වෛද්‍ය රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා විසින් පෞද්ගලිකව කාන්තාවන් ඇතුළු විවිධ පුද්ගලයින් විවිධ සමාජ කණ්ඩායම් සහ ආගමික ඉලක්ක කරගනිමින් එල්ල කළ අවමන් සහගත සහ අශෝභන දැඩි මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධව විවිධ පුද්ගලයින් විවිධ සමාජ කණ්ඩායම්, එසේම මෙම උත්තරීතර සභාව නියෝජනය කරන ආණ්ඩුව සහ විරුද්ධ පාර්ශවයේ මහජන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශව මා වෙත පෞද්ගලිකව පැමිණිලි කොට එකී ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය කණස්සල්ල ප්‍රකාශ කර තිබෙන අතර එවැනි ක්‍රියා සම්බන්ධව මේ උත්තරීතර සභාවේ ප්‍රධානියා ලෙස නිසි පියවර ගන්නා මෙන් මා වෙත මේ වනවිටත් ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කර ඇති බව මේ සභාවේ දැනගැනීම පිණිස සඳහන් කරනු කැමැත්තෙමි.

විශේෂයෙන්ම මෙම උත්තරීතර සභාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් ලෙස හිමිව තිබෙන වරප්‍රසාද භාවිතා කරමින් මෙම සභාවට පැමිණ පිළිතුරු ලබා දිය නොහැකි පිරිස් ගැන මෙන්ම මෙම සභාව නියෝජනය කරන වෙනත් නියෝජිතයන් සම්බන්ධව මෙන්ම වෙනත් විවිධ බාහිර සමාජීය හා ආගමික කණ්ඩායම් ඇතුළු ජන සංවිධාන සහ ජන කොට්ඨාස ඉලක්ක කර ඉතාම පහත් මට්ටමේ වචන භාවිතා කරමින් ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට අතිශය බලපානු ලබන අවමන් සහගත ප්‍රකාශ පිළිබඳව කථානායකවරයා ලෙස මෙගේ බලවත් අප්‍රසාදය පළ කරමි.

මෙම උත්තරිතර සභාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් ලෙස කරනු ලබන මෙම අවමන් සහගත සහ අශෝබන ප්‍රකාශ මගින් ආයතනයේ උත්තරීතර භාවයට බලවත් අවමානයක් සහ කැළලක් සිදුවන බවත් මම අවධාරණය කිරීමට කැමැත්තෙමි.

තවද ඒ් තුළින් ජාතික සංහිඳියාවට සහ සමගියට බලවත් හානියක් වන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස අවස්ථා කීපයකදීම අදාල මන්ත්‍රීවරයාට මවිසින් කීප ආකාරයකට අවවාද කර ඇතත් එකී උපදෙස් පිළිගෙන කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කිරීමට අදාලව මන්ත්‍රීවරයා විසින් මුළුමනින්ම අ‌පොහොසත් වී ඇති බවත් නිරීක්ෂණය කරමි.

මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධි විධානයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද සහ විධි විධානයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතියේ විධි විධානයන් මෙන්ම චිරාත් කාලයක් සිට පැවත එන පැරණි පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට මුළුමනින්ම පටහැනි සහ අනුකූල නොවන බව මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි.

දිගින් දිගටම රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා විසින් කරනු ලබන මෙම ප්‍රකාශ පිළිබඳව ඉතාම ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් හා සලකා බැලීමෙන් අනතුරුව ජාතික සමගියට හා සංහිඳියාවට ද එල්ලවන තර්ජන සැලකිල්ලට ගෙන කථානායකවරයා ලෙස මා වෙත ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පැවරී ඇති බලතලවලට අනුකූලව 2025 මාර්තු 20/21 අප්‍රේල් 8 /9/10 සහ මැයි 7/8 යන පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරනු ලබන කිසිදු ප්‍රකාශයක් ශ්‍රව්‍ය දෘෂ්‍ය හා සමාජ මාධ්‍යවල විකාශය අත්හිටුවන ලෙස මම නියෝග කරමි.

තවද අවස්ථානුකූලව මන්ත්‍රීවරයා විසින් සිදුකරනු ලබන එවැනි අවමන් සහගත අශෝභන සහ පහත් පෙළේ වචන යොදා ගනිමින් කරනු ලබන ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තාවලින් පියවර ගනු ලබන බවත් වැඩිදුරටත් මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.

තවද මෙලෙස සජීවී විකාශය අත්හිටුවීම සිදුකරන කාලය තුළ දී මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලබන කතාවල අන්තර්ගතය සහ ප්‍රකාශ පිළිබදව සැලකිල්ලට ගෙන තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීමට සලකා බලන බවත් වැඩිදුරටත් දැනුම් දීමට කැමැත්තෙමි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු වාර්තාවක් නොවේ… මනුස්සකම ගැන කතාවක්!

Next Post

දේශබන්දුගේ හෝකන්දර නිවසේ තිබී විදේශීය මත් පැන් බෝතල් 1009ක්… මත්පැන් 795යි… වයින් 214යි…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.