දිනසේන රතුගමගේ
වවුනියාව නගරයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් ඊයේ ( 1 ) හදිසියේ ගිනි ගෙන විනාශ වී ගොස් තිබේ.
ගින්න හට ගැනීමත් සමගම යතුරු පැදිකරු ඉන් බිමට පැන ඇති අතර පාර හරහා වැටුණු යතුරු පැදිය ක්‍රමයෙන් ගිණි ගෙන විනාශ වී ගොස් ඇත.
ගින්න නිවා දැමීමට ඒ අවට සිටි පිරිස උත්සහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වී ගොස් ඇත.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







