වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වැඩ තහනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
වෛද්‍ය ෂාෆි පිළිබඳ විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නොයැවීම සම්බන්ධයෙන් හිටපු සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත යුතු බව රතන හිමියෝ පැවසූහ.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු නිදහස් කර නොමැති බවද රතන හිමියෝ සිහිපත් කළහ.







