ශ්‍රියානි විජේසිංහ –
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු අංක 8හී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය සම්බන්දයෙන් විනය පරික්ෂණය ආරම්භ කල බව සෞඛ්‍ය අමාතයංශය සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරියගේ සැර පරුෂ වචන රෝහලේ අනෙකුත් වෛදයවරුන්ට සේවය කිරිමට නොහැකි මානසික වාතාවරණයක් ඇතිකරන්නක් බැවින් ඇය පිලිබඳව වහාම පරික්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවස්ථා කීපයකදිම ඉල්ලීම් කළ නමුත් මේ වන එය ඉටු නොවු බැවින් එම වාට්ටුවේ රාජකාරි කළ වෛද්‍යවරු පසුගියදා ඉන් ඉවත්වු බව රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
වෛද්‍යවරුන්ට දිගින් දිගටම ඇය විසින් බැනවැදීම හේතුවෙන් වෛද්‍යවරුන්ව ඇය සිටින වාට්ටුවේ සේවය සදහා අනුයුක්ත නොකරන්නැයි පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.
කෙසේ නමුත් රෝගි දරුවන්ගේ රෝග තතත්වයට ප්‍රතිකාරයන් අවශ්‍ය බැවින් වෛද්‍යවරුන් එම වාට්ටුව වෙත යොමු කළ බවත් වෛද්‍යවරිය සමග සාකච්ඡා නොකර අවශ්‍ය පනිවිඩය ලිඛිතව යොමුකර අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ට සීමාවාසික වෛද්‍යවරුන්ට දැන්නුවද ඇය වාට්ටුව මැද රෝගීන් දරුවන් හා දෙමාපියන් ඉදිරියෙදිම සැරපරුෂ ලෙස වෛද්‍යවරුන්ට බැන වදින බවත් වෛද්‍යවරු සදහන් කළහ.
මේ හේතුව මත රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමයේ රෝහල් ශාඛාව මගින් එම වාට්ටුවේ සේවයේ නියුතුව සිය සාමාජිකයින් ඉවත් කර ගෙන ඇත.
මෙම තත්ත්වය මත අටේ වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් හදිසි තීන්දු තීරණයන් ගැනීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි වාර්තාවේ .
මෙම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය අවිස්සාවේල්ල සහ ගම්පහ රෝහල්වලදීද මෙවැනිම ආකාරයට හැසිරීම හේතුවෙන් එම රෝහල්වලින් මාරුකර ඇතැයිද දැනගන්නට ඇත.







