වෛද්‍ය සේවාවේ අමතර දීමනා සියයට 78කින් වැඩිකිරීමට සෞඛ්‍ය ආමත්‍යවරිය රහසිගතව ඉදිරිපත්කර තිබෙන කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමට විරෝධය පළකරමින් හෙට (11) දිවයිනේ රෝහල් කීපයක් හැර අනෙකුත් සියලුම රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ සේවාවෙන් ඉවත්ව විරෝධතාවයන්ගේ නිරත වීමට තීරණය කර ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සදහන් කරයි.
මෙම දීමනා වැඩිවීමට අනුව වෛද්‍යවරයෙකුට මසකට අමතර දීමනාව් රුපියල් 41,220.00 සිට රුපියල් 78,120.00 දක්වා වැඩිවී ඇතැයි බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.
සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව ඊට සාපේක්ෂව දීමනාවක් ලබා දෙන ලෙස සිදුකළ වෘත්තීය ක්‍රියා මාර්ගයට අදාලව පසුගිය 9 වන දින සෞඛ්‍ය අමාත්‍යවරිය සමග නිල සාකච්ඡාවක් සිදුකළ නමුත් පිලිගත හැකි විසඳුමක් නොලැබුණ බව රවී කුමුදේශ් සඳහන් කරයි.
මේ අනුව වෛද්‍ය නොවන සේවාවන් සදහා සිදුකරන අසාධාරණයට එරෙහිව හෙට රෝහල්වල සමස්ථ සෞඛ්‍ය සේවවේ වෘත්තීය සමිති ඒකාබද්ධව පැය 4ක සේවාවෙන් ඉවත්ව විරෝධතාවය පවත්වන නමුත් මෙම විරෝධතාවයට පිළිකා රෝහල්, අණුක ජීව රසායනාගාර, ළමා හා මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව දායක කර නොගන්නා බවද බලමණ්ඩලය කියයි…