බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු! ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි…

by editor
දෙසැම්බර් 1, 2025
in පුවත්
ANURA
Share on FacebookShare on Twitter

රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් මගහරවා ගනිමින් යළි රට ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසනායක  පැවසීය.

එමෙන්ම, මෙම ව්‍යසනයෙන් රට ගොඩනැගීමේදී රාජ්‍ය යාන්ත්‍රණයටද අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු’යි සමස්ත රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

විදුලි සැපයුම, පානීය ජල අවශ්‍යතා, ප්‍රවිශිෂ්ට මාර්ග පිළිසකර කර ගැනීම, රෝහල් පිළිසකර කර ගැනීම ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්ම ඊට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පළාත් වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

ආපදාවෙන් මේ වන විට ජනතාව විශාල පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර , සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් සලසමින් ඔවුන් රැක බලා ගැනීම රජයේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇති බවත්, එමෙන්ම ජන ජීවිතය යථාවත් කර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා ශක්තිමත් කිරීම කෙරෙහිද රජය මේ වන විට පුළුල් අවධානයකින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය නිසි සැලැස්මකට අනුව සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක  ඒ අනුව තම දිස්ත්‍රික්ක තුළ සිදුව තිබෙන හානිය, හානියේ ප්‍රමාණය සහ එය යථාවත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබද වාර්තාවක් කඩිනමින් ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙස පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම අඩු ආපදාවට මුහුණ දුන් ස්ථානවල කාර්යමණ්ඩල සහ උපකරණ දැඩි ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාව හේතුවෙන් විනාශයට පත් වූ මෙරට කෘෂිකර්මාන්තය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය බිත්තර වී, පොහොර සහ බීජ ඇතුළත් යෙදවුම් සැපයීමටත්, කඩිනමින් හානි පූර්ණය සිදු කර ගොවීන්ට වන්දි ලබා දීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන්නේය.

එහිදී විධිමත් වාර්තාවක අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ප්‍රාදේශීය නිලධාරීන් යොදවමින් අවසාන ගොවියා දක්වා සිදු වූ වගා හානි පිළිබඳ තොරතුරු කඩිනමින් රැස් කරන ලෙස දැනුම් දුන් අතර එමගින් ඉදිරි මහ කන්නය සාර්ථක කර ගනිමින් රටට අවශ්‍ය වී අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තිබෙන බව පෙන්වා දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සහ අනෙකුත් පහසුකම් පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවත්, විනාශ වූ සත්ව ගොවිපොළවලට අවශ්‍ය සහාය ලබා දෙමින් ඒවා යළි නගා සිටුවීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දැනටමත් චක්‍රලේඛයක් මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලක්ෂ 500 දක්වා වියදම් කිරීමේ බලය ලබා දී තිබෙන බවත්, එමෙන්ම 2025 අයවැයෙන් අනපේක්ෂිත වියදම් සඳහා වෙන් කරන ලද බිලියන 30කට වැඩි මුදලක් ඉතිරි වී තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා තවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු පරිපූරක ඇස්තමේන්තු හරහා ප්‍රතිපාදන අනුමත කර ගත හැකි බවත් පැවසු අතර, එබැවින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත් එම මුදල් යුහුසුළුව ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙම කටයුතු වෙනුවෙන් ඉදිරි අයවැය ලේඛනයෙන්ද යම් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර බිඳ වැටි ඇති සන්නිවේදන ජාලා කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීම පිළිබඳ ප්‍රධාන සන්නිවේදන සමාගම් සමග සාකච්ඡා කර තිබෙන බවත් එම කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවටත් විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා ඇතැම් විශාල විදුලි රැහැන් කුලුණු බිඳ වැටීම හේතුවෙන් ඇතැම් ස්ථානවල විදුලිය යථාවත් කිරීමේදී කාලයක් ගත විය හැකි නමුත් රෝහල්, ප්‍රධාන නගර, ප්‍රධාන රජයේ කාර්යාල ඉලක්ක කර ගනිමින් ඉතා ඉක්මණින් විදුලිය ලබා දීමට සැලසුම් කර තිබෙන බව පෙන්වා දුන්නේය.

පානීය ජල ගැටලුව විසදීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, ළිං සහ ප්‍රජා ජල වැඩසටහන් හරහා තිබු ප්‍රධාන ජලපාවහන පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් තිබෙන බවත් සඳහන් කළේය.

මෙම නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතුව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් හදිසි නීතිය පනවා තිබෙන අතර, අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර සියලු කටයුතු එහි මධ්‍යගත කීරීමට සූදානම් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව ආර්ථික වශයෙන් රට නැගි සිටිමින් තිබු අවස්ථාවක් වන බැවින් මෙම ව්‍යසනය රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් සියලුදෙනාගේ සහාය ලබාගත යුතුව තිබෙන බවත්, ඒ සඳහා ශක්තිමත් අරමුදලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය වන පරිදි කළමනාකරණ කමිටුවක් මගින් එය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

මෙම අර්බුදයට රජයට තනිව විසදුම් සොයා ගත නොහැකි අතර පෞද්ගලික අංශයේ සහාය ඒ වෙනුවෙන් අපේක්ෂා කරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු රට තුළ සිටින පිරිස් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ මිතුරු විදෙස් රාජ්‍යයන් සමග ඉතා ශක්තිමත් සබදතාවන් ගොඩනගා ගනිමින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ366 යි… පුද්ගලයින් 367ක් අතුරුදහන්… දිවයිනම එක්වර අත් විඳි බිහිසුණුම ස්වභාවික ව්‍යසනය හමුවේත් ඇතැම් පිරිස් බලු පොරයක…

Next Post

“යළි නැගිටින්න…. අප ඔබ සමගයි…” සහයෝගය සහතික කරමින් මෝදිගෙන් ජනපතිට ඇමතුමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.