දේශීය වී වගාව සහ ගොවිතැන පිළිබඳ පර්යේක්ෂකයෙක් මෙන්ම සංරක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් සිටි අඹන්පොල ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කළ ග්‍රාම නිලධාරී කේ.පී. සපුකුමාර අද (04) උදෑසන සාහසිකයින් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබේ.

මේ අපරාධය සිදුකර ඇත්තේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ උඩංගාව ප්‍රදේශයේ දී ය. සිදුවීම දැනගත් වහාම ප්‍රදේශ වාසින් විසින් අඹන්පොළ රෝහලට ඔහුව රැගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටියේය.
භෝග වගාවේ කොටසක් වල් අලින් වෙනුවෙන් වෙන් කර සිය විශාල දේශීය භෝග වගාව කරගෙන ගොස් ඔහු විශාල ජනප්‍රසාදයකට පත් වූයේය. අඹන්පොල පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Discussion about this post