බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙහිවල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත්කළ තරුණයා වරදක් සිදුකර නොමැති බව පොලිසිය මාස 09කට පසු අධිකරණයට කියයි!

by editor
ජූලි 9, 2025
in පුවත්
Mohammed-Rifai-Mohammed -Suhail

මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල්

Share on FacebookShare on Twitter

දිලංගා ගෝමස් –

දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට මාස 09ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා මාස 09ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව රඳවාගෙන ගැනීමෙන් අනතුරුව එම තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාලව කිසිම වරදක් සිදුකර නැති බවත්, තරුණයා ඇප මත මුදා හරින ලෙසත් දෙහිවල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම තරුණයා අත් අඩංගුවට පත් වන්නේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ 25 වැනිදා ය. ඒ ඊශ්‍රයාලයට විරෝධය දැක්වූ බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් පසුගිය 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිතුමා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිතුමාගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය දෙහිවල පොලිසියට පැවසීය.

සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙරදී අධිකරණයට දන්වා සිටි බවත් මාස 9 කට අධික කාලයකට පසුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසීය.

ඒ අනුව මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව සැකකරුට එරෙහිව කිසිදු අපරාධයක් අනාවරණය නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් නීති කොට්ඨාසය මඟින් නීතිපතිතුමා දැනුවත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියට නියෝග කළ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමන් කටයුතු කරන බව මහේස්ත්‍රාත්වරිය පැවසීය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, රෂාඩ් අහමඩ්,ඉල්හාම් හසනාලි, මොහොමඩ් ෆර්සාන් යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියහ.

සැකකරු ජූලි මස 15 වන දින භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

මේ ලිපියත් කියවන්න…

ආණ්ඩුවත් නිරුවත් කරන දෙහිවල පොලිසියේ පොලිස් කුපාඩිකම්වල කෙළවර කොතැන ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේ දී අත් අඩංගුවට පත් වූ බව කියන ආරංචිය සැක සහිතයි!

Next Post

ටාජ් සමුද්‍රා හෝටලය පිපිරවීමට පැමිණි ජමීල් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට මගහැරුන විදිහ ප්‍රශ්නයක්… ඒ පිළිබඳවත් විමර්ශනයක් අරඹයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.