දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.අරියනේත්‍රම් පක්ෂයේ අනුමැතියක් නොමැතිව හා අනුදැනුමක් නොමැතිව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් නාම යෝජනා ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් බාර දී තිබේ.
ඊයේ (12) භාර දී ඇති එම ලිපියට සතියක් ඇතුළත නිදහසට කරුණු හා හේතු ඉදිරිපත් කරණ ලෙස ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් දන්වා ඇත.
ඔහු සිය නිදහසට කරුණු ඉදිරිපත් කරණ තුරු ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කිසිදු සාකච්ඡාවකට අරියනේත්‍රම් නොකැදවීමටද පක්ෂය තීන්දු කොට තිබේ.
පසුගියදා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේදී රැස් වු අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබේ.







