දෙමටගොඩ දුම්රිය අංගනයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අද (27) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය අංගනයෙන් ඉවතට ගැනීමට නොහැකිවීම නිසා සමස්ථ දුම්රිය ධාවනයේම ප්‍රමාදයක් ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම දුම්රිය ප්‍රමාදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමටගොඩ දුම්රිය අංගනය තුළට නඩත්තු කටයුතු සඳහා රැගෙන ආ දුම්රියක රියදුරුට නින්ද යෑම නිසා නැවතීමේ සීමාව ඉක්මවා ගොස් දුම්රිය මාර් ගයෙන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී අද උදේ විශාල හානියක් සිදුවී තිබිණි.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.
.