දුම්රිය ස්ථානාධිපති සේවයේ පවතින දීර්ඝ කාලීන නොවිසඳුණු ගැටලු 23ක් මුල් කරගෙන ඊයේ සිට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසි විඳුමක් නෙලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් තෙක් පුළුල් කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතරුන්ගේ සංගමය පැවසුවේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය උපාධිය දක්වා සංශෝධනය කර අනුමත කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම, 2021.01.01 දින සිට ක්‍රියාත්මක විය යුතු දුම්රිය සථාන වර්ගීකරණය අනුමත නොකිරීම,ජ්‍යෙෂ්ඨත්වය මත දුම්රිය ස්ථානාධිපති උසස්වීම් ලබා දීම ප්‍රමාද කිරීම, කුසලතාවය මත දුම්රිය ස්ථානාධිපති තරග විභාග නොපැවැත්වීම ඇතුළු කරුණු මුල් කරගෙන ඇරඹි වෘත්තීය ක්‍රියා මාර්ගයේ පළමු අදියර ලෙස ඊයේ රාත්‍රියේ සිට පාර්සල් භාර ගැනීම සහ ප්‍රවාහනය කිරීම නතර කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කීවේය..
අද රාත්‍රී 12 සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කර දමා තිබෙන අතර කලින් වෙන් කරවා ගත් ප්‍රවේශ පත්‍ර සඳහා පමණක් ගමන් කළ හැකි බව එම සංගමය කියයි.
තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉරිදා මධ්‍යම රාත්‍රි 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද සංගමය ප්‍රකාශ කරයි.







