දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කළත් නොකළත් ඔවුන්ගේ ඉල්ලීම මාසයක් තුළ ඉටුවීමට නියමිතව තිබුණු බවත්, මේ වර්ජනය ඔවුන් සිදුකරන්නේ තමන්ගේ ඉල්ලීම් ඉටුවන බව දැනගෙනම බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.
“අපි බලන්න ඕන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුපස තියන දේශපාලනය මොකක්ද කියලා”. ඇමතිවරයා පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ ජනතාව සමග නැති වෘත්තීය සමිති ව්‍යාපාර යනුම කිසිවක් දිනාගත නොහැකි ව්‍යාපෘති බවය. වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කරමින්, වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට ඇහුම්කන් දෙමින් සාධනීය මැදිහත්වීම් සිදුකරන්නා සේම ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන මෙවැනි වෘත්තීය නැගිටීම් සත පහකට ගණන් නොගන්නා බවත් ඒවා සමග හැප්පීමට රජය සූදානම් බවත් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.
අද දුම්රිය පිළිබඳ වර්ජනයක් තියනවා. වර්ජනය කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය. ඒ වර්ජනය නිසා තමයි දුම්රිය ගමනා ගමනය කඩාකප්පල් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක අවුරුදු හයක් තිස්සේ ඇදී ගිය ප්‍රශ්නයක්. ඒ ගෛාල්ලන්ගේ පරිපාලනමය ගැටලුවක් පැහැදිලිවම තියෙන්නේ. ඒක ඒ අයම කියනවා. දේශපාලනය මැදිහත්වෙලා විසඳන්න පුලුවන් ගැටලුවක් නෙමෙයි. මේක. පරිපාලනය මැදිහත්වෙලා විසඳන්න ඕන ගැටලුවක් මේක.
ඇත්තටම මේකට මම පුද්ගලිකවම මැදිහත් වුනා… මට මතක විදිහට ඒ හතරවැනි මාසේ දෙවැනිදා. දුම්රිය ස්ථානාධිපතිවරු සමග සාකච්ඡාවක් තිබ්බා ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරන්න. පරිපාලන නිලධාරීන් ආමන්ත්‍රණය කළා. උපදෙස් දුන්නා අදාල කටයුතු ඉක්මන් කරන්න.
පැහැදිලිවම කාරනාවක් තියනවා. දුම්රිය ස්ථානාධිපතිවරු කියන විදිහට ඔවුන්ගේ ප්‍රධාන කාරණා දෙකක් තියනවා. එකක් අවුරුදු පහෙන් පහට සිදුවන ශ්‍රේණි උසස්වීම්. අනෙක නව බඳවා ගැනීම් ක්‍රියා පටිපාටිය අනුව බඳවා ගැනීම. මේ කාරණා දෙක ගැන තමයි ඔවුන් අවධානය යොමු කරන්නේ.
මේ පිළිබඳව උපදෙස් දුන්නත් පරිපාලනයේ තියන අකාර්යක්ෂම තාවය නිසා දිනෙන් දින ඇදිලා ගිහිල්ලා කාලයක් ගත වෙලා තියනවා. ඒ හින්දා තමයි වර්ජනය කෝල් කරන්නේ. ඒ පැත්තෙන් බැලුවොත් දුම්රිය ස්ථානාධිපතිවරු කරන චෝදනාව පැත්තෙන් සියයට සීයක් එකඟයි. දුම්රිය පරිපාලනය පීලි පැනලා තියෙන්නේ.
හැබැයි එහෙම තියෙද්දිත් අවුරුදු හයක් තිස්සේ ඇදී ගිය ප්රශ්නය රජය විදිහට අමාත්‍යවරයා විදිහට පරිපාලනයෙන් විසඳියි යුතු ගැටලුවකට මැදිහත් වෙලා තියෙද්දිත්…. ඊට අමතරව බඳවා ගැනීම් සඳහා අපේ රජයේ පළවෙනි වතාවට කැබිනට් සංදේශයක් යොමු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් 909ක් අනුමත කරගන්නවා. මට මතක විදිහට ජනවාරි 22 දා. අපි අනුමැතිය ගන්නවා සියලු කැටගරි සඳහා කට්ටිය බඳවා ගන්න. හැබැයි අද වෙනතුරුත් එක් අයෙක්වත් බඳවා ගන්න සමත් වී නෑ.
ඉන් 106ක් ඉන්නවා දුම්රිය ස්ථානාධිපතිවරු. එතකොට පැහැදිලිවම පේනවා දුම්රිය පරිපාලනය අකාර්යක්ෂමයි.
හැබැයි ඒක එහෙම තිබ්බට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පැත්තෙන් ගියාම පුද්ගලිකව එකඟ වෙන්න බෑ දෙපාර්තමේන්තුවක් නිසා මහජනතාව අපහසුතාවයට පත් කරලා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට කෙරෙන ක්‍රියාමාර්ග පිලිබඳව.
ඒක සම්පූර්ණයෙන් රජයක් විදිහට අමාත්‍යාංශයක් විදිහට අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
මොකද ඕනෑම වෘත්තිය අරගලයක් ජයග්‍රහණය කරන්න මම හිතන විදිහට වෘත්තීය සමිතිත් සමග ජනතාව හිටගන්න ඕන.
ජනතාව වෘත්තීය සමිති එක්ක හිටගන්නේ නැතිව කරන වෘත්තීය අරගලවලින් කිසිම ජයග්‍රහණයක් අත් වෙන්නේ නෑ.
අ
පි කවදාවත් මහජනතාව පීඩනයට පත් කරමින් කරන වෘත්ති අරගලවලට තඹ සතයක දෙයක් දෙන්නෙ නෑ. කිසිවක් දෙන්නෙ නෑ. ඒක එක්ක හැප්පෙනවා. හැබැයිි අපි වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. ඕන වෙලාවක කතා කරන්න පුලුවන්. අපෙත් එක්ක විසඳගන්න පුලුවන්. මේ කාරණයට වගකිව යුතු අය වෙන්නේ පරිපාලනය.
කෙසේ වෙතත් මේ සිද්ධිය සුලුවෙන් ගන්නේ නෑ. ගන්නත් බෑ… අද දවසේ දුම්රිය වාර ප්‍රමාණයක් අවලංගු වුනා. ප්‍රධාන වශයෙන්ම ලඟ දුම්රිය අපට ධාවනය කරගන්න පුලුවන් වෙලා තියනවා. පොල්ගහවෙලින් ඉහළ. දකුණු පැත්තේ කැලණිවැලි එක ධාවනය කරගන්න පුලුවන් වෙලා තියනවා. සාමාන්‍යයෙන් උදේ 8.30 වනවිට මට ලැබුණ වාර්තාව අනුව කොළඹට ලගාවෙන සහ කොළඹින් පිටත් වෙන කෙටි ගමන් වාර 54කින් 50ක් විතර දුවාගන්න පුලුවන් වෙලා තියෙනවා.
කැන්සල් වෙන්නේ කෝච්චියද , කෝච්චි සීය ද , කැන්සල් වෙන කෝච්චියෙ ඉන්න එක මගිය ද අපි ඒක එකම බරින් ගන්නවා. ඒ වගේම පරිපාලනයේ වෙනස් විය යුතු තැන් කීපයක් තිබෙනවා. ඒ සම්බන්ධව අපි ඉක්මනින්ම කටයුතු කරනවා.
මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කළත් නොකළත් සති දෙකක් මාසයක් ඇතුළත මේ අය කරන ඉල්ලීම් ඉටු වෙනවා. ඒ ඉටුවන බව දැන දැන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹිලා තියෙන්නේ. අපි බලන්න ඕන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුපස තියන දේශපාලනය මොකක්ද කියලා. මොකද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොකළත් මේ වැඩේ මාස දෙකක් ඇතුළත වෙන නිසා.







