අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රිය රක්ෂිත පර්චසය රුපියල් සීය බැගින්    වගාවට බදු දෙනවා – බන්දුල ගුණවර්ධන

by editor
සැප්තැම්බර් 3, 2022 - Updated on සැප්තැම්බර් 4, 2022
in පුවත්
bandula
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

අපේ රට ආහාර අර්බුදයකට මුහුණ පා සිටින මොහොතේ සියලුම දුම්රිය රක්ෂිතය ඉඩම් කෙටි කාලීන බෝග වගාවට බදු වශයෙන් ලබාදීමට  ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇතැයි  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන   සඳහන් කළේය.

එම ඉඩම් වසර දෙකක කාලයකට, වසරකට පර්චස් එකකට රුපියල් සියය බැගින් බදු අය අයකරගැනීම පදනම යටතේ ලබා දීමට කටයුතු කර ඇතිි බවද ගුණවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් කීය.

දිඹුලාගල මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී අද (03)   සවස දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචි අයවලුන්ගේ ගැටලු විසඳීමේ ජංගම සේවයට එක්ව   පැමිණි සිටි පිරිස අමතමින් ඇමතිවරයා  ඒ බව කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කිවේය.

ජනතාවගේ ඉල්ලීමක් තිබුණා සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා. අපි සිස්ටම් චේන්ජ් එක ආරම්භ කරලා තියෙන්නේ.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ මේ රටේ ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායකයා, අගමැති, මහජන එක්සත් පෙරමුණේ, දිනේෂ් ගුණවර්ධන මහතා. පොදුජන පෙරමුණේ අපි කැබිනට් මණ්ඩලය හැටියට කටයුතු කරනවා. රට අන්තිම අමාරුවකට වැටිල තියෙන මොහොතේ අපි සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරනවා.“

“මේ සංසාර ගමනේ පළවෙනි වතාවට දුම්රිය සාමාන්‍යධිකාරිවරයෙක් ගම්වලට ගිහිල්ලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳන්න ඉදිරිපත් වෙලා තියෙනවා.  ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට. අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී පාලන කාලේ ඉඳන් ඉතා තද නීතියක් යටතේ භාණ්ඩ සහ ජනතාව ප්‍රවාහනය කරමින් විශාල ජාතික මෙහෙවරක් කරන ආයතනයක්. සාමාන්‍යයෙන් දුම්රිය රක්ෂිතයක අනවසරයෙන් කිසිම කටයුත්තක් කිරීම බරපතළ දඬුවම් ලබන වරදක් පමණක් නොව ඒවට ඇප දෙන්නෙත් නැහැ. එනිසා මේවා පොදු දේපල හැටියටයි ගණන් ගන්නේ . පොදු දේපළවලින් ඉවත් වෙන්න කිව්වොත් ඉවත් නොවුනහොත් අධිකරණට ගියොත් ඇප නැහැ. ඒ නිසා අපි තීරණය කළා මේවයෙ පදිංචිි ඉන්න අයට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න.“

“ඉතින් අපි මහාපොළොව ඵලදායි අන්දමින් පාවිච්චි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස්මත අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් සෑම ග්‍රාමසේවාවසමකම පිහිටුවන කමිටු වලට වසර දෙකක කාලයකට දුම්රිය රක්ෂිත ඉඩම් ලබාදීමට කටයුතු කරනවා. ඒවායේ කෙටිකාලීන බෝග වශයෙන් මුංඇට, කවුපි,උඳු, ,මිරිස්, තල වගා කරන්න අපි අවසර දෙනවා. පලතුරු බෝග වගා කරන්නත් පුළුවන්. උස යන් නැති ගස් හිටවන්නත් පුළුවන්. ඒ වගේම දැනට දුම්රිය රක්ෂිතවල පදිංචිව බදු නොගෙවන අයටත් අපි මාස තුනක කාලයක් බදු ගෙවීම්ට අවස්ථාවව දෙනවා. එහෙම නැති අය අයින් කරනවා. “

“අපි දන්නවා, තමුන්නාන්සේලාගේ අමාරුකම්, එකවර ඒවා ගෙවන්න බැරිනම් අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ඒ බදු මුදලෙන් තුනෙන් එකක් මාස තුනකදි ගෙවන්න කාලයක් ලබාදෙනවා. තුන්වෙනි එක දැනට දුම්රිය රක්ෂිතවල පදිංචි වෙලා ඉන්න අය ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ඉල්ලීමක් කරල දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට යොමු කරන්න, ඊට පස්සේ අපි පරීක්ෂණයකින් පසුව ඒ ඉඩම් බදු පදනම මත ලබාදෙනවා.“

“සාමාන්‍යයෙන් කොළඹ හදවත, කොටුව ප්‍රදේශය. කොටුවේ පර්චස් එකක් රුපියල් ලක්ෂදෙසිය පමණ වටිනවා මේ දවස්වල. අපි  තමුන්නාසේලාට  දෙන්න යන්නේ පර්චස් එකක් රුපියල් සීයකට. ඉතින් ඒවායෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන ජීවිතය ආර්ථිකයෙන් ගොඩ  ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. “

“ඒ වගේම දුම්රිය රක්ෂිතවල දෙපස ඉතා විශාල වාණිජ වටිනාකමක් තියෙන ඉඩම්වල ඉදිකිරීමක් කරලා මේ ප්‍රදේශයේ ආයෝජන කරුවන් ඉන්නවානම් ඔවුන්ට බද්දට ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒවා දිගු කාලීන   අපි ලබාදෙනවා“, යයිද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට වාරිමාර්ග යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි,  දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරීන්  රැසක්ම එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් ඇතුළු පක්ෂ 10 කණ්ඩායමේ සන්ධානය පිහිටුවීම හෙට…

Next Post

ලංකාටට ණය දුන් රටවල් අයි.එම් එෆ් එකඟතාව අනුමත කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.