අද උදේ වරකාපොල, ගලපිටමඩ, දුනුමලවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දුනුමාල සරත් නැමැති පාතාල ක්‍රියාකාරිකයෙක් බව පොලිසිය කියයි.
පොලීසිය පැවසුවේ, අද අලුයම ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී නාඳුනන ඝාතකයෙක් විසින් ඔහුට වෙඩි තබා මරා දමා ඇති බව ය.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
‘දුනුමාල සරත්’ 2015 වසරේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක චූදිතයකු බව ද වාර්තා විය.