නානුඔය දුම්රිය ස්ථානයෙන් අලුයම 03.00 ට මහනුවර බලා ධාවනය වූ දුම්රිය වටගොඩ හා තලවකැලේ දුම්රිය ස්ථාන අතර දී අලුයම 04 ට පමණ පිලී පැනීමකට ලක්ව ඇත.
මේ වන විට එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගය වෙත කඩා වැටි තිබු ගසක් එම දුම්රියේ ගැටීම නිසා පිලි පැනීම සිදුව ඇති අතර එම දුම්රියේ ඇංජිම මෙම පිලි පැන ඇත.
මේ වන වින විට උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති අතර දුම්රිය පිලි ගත කිරීමේ කටයුතු මේ වන විට එම ස්ථානයේ දී ආරම්භ කොට ඇත.
මේ හේතුවෙන් ඊයේ දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කොටගල දුම්රිය ස්ථානය වෙත දක්වා පමණක් ධාවනය කොට එහි මගී ජනතාව නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් නානුඔය සිට බදුල්ල දක්වා වෙනත් දුම්රියක් හරහා ප්‍රවාහන පහසුකම් ලබා දී ඇත.