ජම්මු හා කාශ්මීරයේ කුප්වාරා දිස්ත්‍රික්කයේ කාමරාජ් වනාන්තර කොට්ඨාසයේ පිහිටා ඇති උද්‍යාන කිහිපයක්ම පාරිසරික උද්‍යාන බවට පත් කර තිබෙන්නේ සංචාරකයින් එම පෙදෙසට ආකර්ෂණය කර ගනිමිනි.
‘ග්‍රීන් ඉන්දියා’ මෙහෙයුම හා හි දූරදර්ශී යෝජනා ක්‍රම යටතේ, වනාන්තර දෙපාර්තමේන්තුව උද්‍යානයන්ගේ තිරසාර සංවර්ධනය සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සිදු කරන ලදී. එම සංරක්ෂණයන්ගේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින අතර, සැලකිය යුතු අමුත්තන් සංඛ්‍යාව්ක උද්‍යාන නරඹන්නට පැමිණෙන බව ‘ඒඑන්අයි’ පුවත් සේවය වාර්තා කරයි. මෙමඟින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ද විශාල වාසි අත් වී තිබේ.
පරිසර සංචාරක හා ජෛව විවිධත්ව ගවේෂණය සඳහා පැමිණෙන සංචාරකයින්ගේ සිත් ගත් ප්‍රධානම ස්ථාන බවට ‘හට්මුල්ලා හි නගිරිවාරි පාරිසරික උද්‍යානය, ඩෙවෙර් හි කයිරාවන් හා ලස්තියාල් කලාරූස් හි සට්බාරාන් යන උද්‍යාන පත් වී තිබේ.
මේ වන විට ගිම්හාන සංචාරවලට යන සංචාරකයින් රැගත් ගුවන් යානා රැසක් කුප්වාරා දිස්ත්‍රික්කයට පැමිණෙන අතර, ඔවුන් වැඩි දෙනෙකුගේ සංචාරක ස්ථාන බවට පාරිසරික උද්‍යාන පත් වී ඇත. දිනකට දහසක් පමණ දේශීය සංචාරකයින්, පවුල්, සිසු සිසුවියන් හා පාරිසරික පර්යේෂකයින් මේ උද්‍යානවලදී දැක ගත හැකිය.