පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බැවින් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර සහ ඌවපළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වේ නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.