කාබනික පොහොර අඩංගු නැවක් ලබන මාර්තු මස වනවිට චීනයෙන් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පවසයි.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ හිරු රූපවාහිනී සේවයට අදහසක් දක්වමිනි.
ඔහුට අනුව මාර්තුවේ දී මෙරටට ගෙන්වීමට නියමිත පොහොර තොගය ටොන් අට දහසකි. ඒ පොහොර මෙරටට ගෙන්වීම සම්බන්ධව සාකච්ඡාවක් හෙට (10) පැවැත්වීමට නියමිත තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සභාපති විජේගුණවර්ධන මෙසේ ද පැවසීය.
“ අප සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රකාරව. බේරුම්කරණයේ දී කරන්න ඕන වැඩපිළිවෙළ දක්වලා තියනවා. පාර්ශව දෙකම ඒකට එකඟ වෙලා තියනවා.“
“ඒ අනුව තමයි වැඩ කරගෙන යන්නේ. පොහොර සම්බන්ධව අධිකරණයෙන් දැන්වූ සියලු පරීක්ෂාවල් කරනවා. මෙහෙ තියන ශාඛ නිරෝධායන ආයතනයේ පරීක්ෂාව වගේම විශේෂ පරීක්ෂාවක් කරනවා. ඒ ප්‍රමිති ආයතනය නම් කරන ලද ස්විස්ටර්ලන්තයේ විශේෂ රසායනාගාරයකින්. ඒ පරීක්ෂණ කටයුතු කළාට පස්සෙ තමයි අපි නැව මෙහාට ගෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. සභාපති වරයා කීවේය.