සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිස්ත්‍රික් සංවර්ධන කමිටු තීන්දු තුට්ටුවකට මායිම් නොකර වැලිකන්දේ කැලෑ පාලුවන්ගේ වන වනාශය දිගටම…

පරිසර යුක්ති කේන්ද්‍රය වන විනාශයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සූදානමක...

by editor
දෙසැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව  රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු   රාජ්‍ය නිලධාරීන් හා එක්ව    වැලිකන්ද සුරියවැව රක්ෂිතය විනාශ කිරිම වහාම නතර කරන ලෙසට ලබාගත් තීරණය තුට්ටුවකට මායිම් නොකර කැලෑපාලුවන් පිරිසක් එම රක්ෂිතයට   ඩෝසර්, ජේ.සී.බී යන්ත්‍ර යොදා තවදුරටත්  විනාශ කරමින් සිටින බව    ප්‍රදේශයේ මහා සංඝරත්නයත්  පරිසරවේදීහු සහ ගොවිජනතාවත් හෙළිදරව් කරති. 

අලි මිනිස් ගැටුම උග්‍ර කරමින්  සිදුවෙමින් ඇති  ව්‍යසනය සම්බන්ධව සමාලෝචනයකින් අනතුරුව   ඉකුත් 19 වැනිදා වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී රැස්වුණු ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී වැලිකන්ද සූරියවැව රක්ෂිතය   මහා පරිමාණයෙන් විනාශ කිරීම නතර කිරීමට ඒකමතිකව තීරණය කළේය.

මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් , ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්    මෙන්ම වැලිකන්ද ප්‍රදේශයේ රාජ්‍ය ආයතන  ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් එම රැස්වීම් පැවත්විනි.

එහිදී කමිටු පක්ෂ විපක්ෂ සියලුම දේශපාලන බලධාරීන් එක් මතකයට පැමිණ නිලධාරීන්ගේ දත්ත සමාලෝචන මත සූරියවැව රක්ෂිතයේ සිදුකරන වන සංහාරය වහාම නතර කරන ලෙසට ඒකමතිකව තීරණය කළේය.

බඩඉරිඟු වගාවක් සිදු කිරීමට බව පවසමින් සූරියවැව රක්ෂිතයේ අක්කර 1500 ක බිම් ප්‍රමාණයක් ආයෝජකයින් 29 දෙනකු සඳහා අක්කර හතළිස් 49 බැගින් වසර පහක කාලයක් සඳහා පශු සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට මෙහිදී කරුණු අනාවරණය වුණි,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විනාශ වන රක්ෂිතය වන අලින්ගේ වාසස්ථානයක් බවත් සෝමාවතිය, මාදුරුඔය, වනෝද්‍යානය මෙන්ම ත්‍රිකෝණමඩු රක්ෂිත අතර අලි ගමන් කරන ප්‍රධාන අලි කොරිඩෝව මෙය බවද මෙම කමිටු රැස්වීමේදී වනජීවි නිලධාරින් අනාවරණය කළහ.

මෙම රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ දැව ජාවාරම මෙන්ම වන විනාශය පිළිබඳ සොයා බැලීමට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර නාහිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරීන් පිරිසක්, මෙන්ම ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් පිරිසක්ද එම රක්ෂිතය 20 වෙනිදා නිරීක්ෂණය කළහ,

මෙහිදී දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මෑත කාලයේ ,අප රටේ සිදුවන දැවැන්තම පරිසර විනාසය මෙය වන බවය.

මෙය අලි මිනිස් ගැටුම් වර්ධනය වීමට බෙහෙවින් බලපා තිබෙන බවත්, ත්‍රිකෝණමඩුව සූරියවැව රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ වන සංහාරය නතර නොකළහොත් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව ඇතුළු ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින්  සහ පරිසරවේදීන් දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව රාහුලාලංකාර හිමියෝ කීහ.

සූරියවැව රක්ෂිතයේ වන විනාශ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති සහ දැනුවත් කිරීමේ නිලධාරී ජානක විතානගේ  සඳහන් කළේ  මෙම පරිසර විනාශයට එරෙහිව ශ්‍රි ලංකා මහවැලිය අධිකාරියටත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයටත් ඊට වගකිය යුතු අංශ සියලු දෙනාහටත් එන්තරවාසි යොමු කොට ඇති බවය.

ඒ සදහා මෙතෙක් පිළිතුරු නොමැති බවකී ඔහු  මෙම විනාශය වහාම නතර කිරීමට ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කීවේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාරගත වූ මියන්මාර් වැසියන්ට උතුරේ සංවිධානවලින් මිලියන ගණනක ආධාර

Next Post

මහ කන්නය සඳහා වී ගොවීන්ට නැවත අය නොකරන රුපියල් 20,000ක දීමනාවක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.